අපට උපකාර කරන්නේ යෙහෝවායි
අපට උපකාර කරන්නේ යෙහෝවායි
“මට උපකාර ලැබෙන්නේ අහස පොළොව මැවූ යෙහෝවාගෙන්ය.”—ගීතාවලිය 121:2.
1, 2. (අ) විටින් විට අප සැමට උපකාර අවශ්‍ය වන බව පිළිගත යුත්තේ ඇයි? (ආ) උපකාර සපයන යෙහෝවා මොන වගේ කෙනෙක්ද?
විටින් විට අප සැමට උපකාර අවශ්‍යයි. ඊට හේතුව ඇතැම් අවස්ථාවලදී බරපතළ ගැටලුවකට මුහුණ දෙන්න සිදු වන නිසයි. සමහරවිට හදිසි වියෝවකින් ඇති වන වේදනාව දරාගත නොහැකි තරම්. එසේ නැතහොත් අපි යම් පීඩාවකට මුහුණ දෙනවා විය හැකියි. එවැනි අවස්ථාවලදී අපට උපකාර අවශ්‍ය වන්නේ නැහැයි කියා කිව හැක්කේ අපෙන් කාටද? එවැනි අවස්ථාවලදී බොහෝදෙනෙකු හිතවත් මිතුරෙකුගේ පිහිට පතන්නේ ඔහු හෝ ඇය සමඟ දුක බෙදාගැනීමෙන් එය තුනී කරගත හැකි නිසයි. එහෙත් එවැනි මිතුරෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දේ සීමිතයි. සමහරවිට අපට අවශ්‍ය අවස්ථාවේදී අපට උපකාර කරන්න ඔවුන්ට බැරි විය හැකියි.
2 එහෙත් අපට උපකාර කරන්න හැකියාව සහ බලය අසීමිත ලෙස තිබෙන කෙනෙක් සිටිනවා. අපව කවදාවත් අත් නොහරින බවටත් ඔහු අපට පොරොන්දු වෙනවා. ඒ යෙහෝවා දෙවියි. ගීතිකාකරු ඔහු ගැන මහත් විශ්වාසයකින් පැවසුවේ මෙසේයි. “මට උපකාර ලැබෙන්නේ . . . යෙහෝවාගෙන්ය.” (ගීතාවලිය 121:2) තමාට යෙහෝවාගෙන් උපකාර ලැබෙන බවට ගීතිකාකරුට මහත් විශ්වාසයක් තිබුණේ ඇයි? මෙම ප්‍රශ්නයට උත්තරය දැනගැනීමට 121වන ගීතිකාව පරීක්ෂා කර බලමු. යෙහෝවා අපටත් එලෙසම උපකාර කරයි කියා විශ්වාස කිරීමට හේතු අපට එමගින් දැනගත හැකි වෙයි.
අපට නොවරදවාම උපකාර කරන කෙනෙක්
3. ගීතිකාකරු තම ඇස් යොමු කරන්නට ඇත්තේ කවර කඳු පෙළ වෙතටද? ඒ ඇයි?
3 ගීතිකාකරු මුලින්ම පවසන්නේ මෙසේයි. “කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි; මට උපකාර ලැබෙන්නේ කොතැනින්ද? මට උපකාර ලැබෙන්නේ අහස පොළොව මැවූ යෙහෝවාගෙන්ය.” (ගීතාවලිය 121:1, 2) ගීතිකාකරුට යෙහෝවා ගැන මහත් විශ්වාසයක් තිබෙන්නේ ඔහු මැවුම්කරු වන නිසයි. ගීතිකාකරු තම ඇස් යොමු කළේ විශේෂ කඳු පෙළක් වෙතටයි. ඔහු මෙම ගීතිකාව රචනා කරන විට යෙහෝවාට නමස්කාර කළ දේවමාලිගාව පිහිටා තිබුණේ යෙරුසලමෙයි. ඒ යූදා දේශයේ කඳු පෙළකයි. එම දේවමාලිගාව යෙහෝවාගේ වාසස්ථානය හැටියට හඳුන්වනු ලැබුවා. (ගීතාවලිය 135:21) ගීතිකාකරු දේවමාලිගාව ගොඩනඟා තිබුණු යෙරුසලමේ කඳු වෙතට තම ඇස් යොමු කළා විය හැකියි. ඒ යෙහෝවාගේ උපකාර තමා මහත් විශ්වාසයකින් බලාපොරොත්තු වන බවට පෙන්නුම් කරමිනුයි. තමාට යෙහෝවාගේ උපකාර ලැබෙන බව ගීතිකාකරුට මහත් විශ්වාසයක් තිබුණේ ඇයි? ඔහු “අහස පොළොව මැවූ” තැනැත්තා වන නිසයි. තමාට උපකාර කිරීමෙන් සර්වබලධාරි මැවුම්කරුව වළක්වන්න කිසිවෙකුට බැරි බව ගීතිකාකරු ඉන් අදහස් කළා.—යෙසායා 40:26.
4. යෙහෝවා තම සේවකයන්ගේ අවශ්‍යතා ගැන නිතරම සෙවිල්ලෙන් සිටින බව ගීතිකාකරු පැහැදිලි කළේ කොහොමද? මෙයින් අපට මහත් සහනයක් දැනෙන්නේ ඇයි?
4 යෙහෝවා තම සේවකයන්ගේ අවශ්‍යතා ගැන නිතරම සෙවිල්ලෙන් සිටින බව ගීතිකාකරු ඊළඟට ගීතාවලිය 121:3, 4) තමා කෙරෙහි විශ්වාසයෙන් සිටින අයගේ ‘පය සෙලවීමට’ දෙවි කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට නැවත ගොඩ ඒමට බැරි තරම් බරපතළ පසුබැසීමක් අද්දකින්නට ඔහු ඉඩ දෙන්නේවත් නැහැ. (හිතෝපදේශ 24:16) ඇයි නැත්තේ? යෙහෝවා තම බැටළු රැළ බලාගන්නා එඬේරෙකු මෙන් නිතරම අවදියෙන් සිටින නිසයි. ඔහු මොහොතකටවත් තම ඇස් පියාගන්නේ නැහැ. ඔහු රෑ දාවල් නොබලා තම සෙනඟ ගැන විමසිල්ලෙන් සිටිනවා. මෙය අපට මහත් සහනයක් ගෙන දෙනවා නොවේද?
පැහැදිලි කරනවා. ඔහු පවසන්නේ මෙසේයි. “ඔහු ඔබේ පය සෙලවෙන්ට නොදෙන්නේය; ඔබ රක්ෂා කරන තැනැත්තා නොනිදන්නේය. බලව, ඊශ්‍රායෙල් රක්ෂා කරන තැනැත්තා නොනිදන්නේය; ඔහුට නිදිබර නොවන්නේය.” (5. යෙහෝවා “දකුණතින්” සිටිනවා කියා පවසන්නේ ඇයි?
5 යෙහෝවා තම සෙනඟව අත් නොහැර ආරක්ෂා කරන බවට විශ්වාසයකින් යුතුව ගීතිකාකරු ඊළඟට මෙසේ පැවසුවා. “යෙහෝවා ඔබ රක්ෂා කරන තැනැත්තාය; යෙහෝවා [දකුණතින්] ඔබට සෙවණය. දාවල් ඉරවත් රාත්‍රියේ සඳවත් ඔබට පහර නොදෙන්නේය.” (ගීතාවලිය 121:5, 6) මැදපෙරදිග රටක අව් කාෂ්ටකයේ පයින් ගමන් කරන කෙනෙකුට ගසක සෙවණකින් ලැබෙන්නේ මොන තරම් සිසිලක්ද! යෙහෝවා තම සෙනඟට සපයන්නේ එවැනිම සෙවණක්. දැඩි හිරු රශ්මියක් මෙන් විපත්ති ඔවුන්ට පහර දෙන විට ඔහු ඔවුන්ව ආරක්ෂා කරනවා. යෙහෝවා “දකුණතින්” සිටින බව සැලකිල්ලට ගන්න. පුරාණයේ සෙබළුන් සටන් කරද්දී ඔවුන් පලිහ අල්ලාගෙන සිටියේ වමතිනුයි. ඔවුන්ගේ දකුණතට යම් දුරකට ආරක්ෂාවක් ලැබුණේ නැහැ. එහෙත් විශ්වාසවන්ත මිතුරෙක් එම සෙබළාගේ දකුණු පැත්තේ සිට සටන් කරයි නම් එම සෙබළාට ආරක්ෂාවක් ලැබෙන්නට පුළුවන්. යෙහෝවා එම විශ්වාසවන්ත මිතුරාට සමානයි. ඔහු අත් නෑර ඔහුට නමස්කාර කරන අය වෙනුවෙන් උපකාර සැපයීමට සූදානමින් සිටිනවා.
6, 7. (අ) යෙහෝවා තම සෙනඟට කරන උපකාර යම් දවසක නතර නොකරන බව ගීතිකාකරු අපට තහවුරු කරන්නේ කොහොමද? (ආ) අපටත් ගීතිකාකරු මෙන් මහත් විශ්වාසයක් ඇතුව සිටිය හැක්කේ ඇයි?
6 යෙහෝවා තම සෙනඟට කරන උපකාර යම් දවසක නතර කරයිද? එවැනි දෙයක් කවදාවත් වෙන්නේ නැහැ. ගීතිකාකරු අවසාන වශයෙන් පවසන්නේ මෙහෙමයි. “යෙහෝවා සියලු නපුරෙන් ඔබ රක්ෂා කරන්නේය; ඔබේ ආත්මය රක්ෂා කරන්නේය. දැන් පටන් සදාකාලේටම යෙහෝවා ඔබේ යෑම ඊම රක්ෂා කරන්නේය.” (ගීතාවලිය 121:7, 8) වර්තමාන කාලයෙන් කතා කළ ගීතිකාකරු දැන් අනාගත කාලයෙන් කතා කරන බව සැලකිල්ලට ගන්න. පස්වන පදයේ ඔහු පැවසුවේ “යෙහෝවා ඔබ රක්ෂා කරන තැනැත්තා” බවයි. එනමුත් මෙම පදවල ඔහු කියන්නේ “යෙහෝවා . . . ඔබ රක්ෂා කරන්නේය” කියායි. මෙයින් පැහැදිලි වන්නේ සැබෑ නමස්කාරකයන්ට යෙහෝවාගෙන් ලැබෙන උපකාර අනාගතයේදීත් නොකඩවා ලැබෙන බවයි. ඔවුන් කොහේ ගියත්, මොනම විපත්තියකට මුහුණ දුන්නත් යෙහෝවාගේ උපකාරය ඔවුන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි.—හිතෝපදේශ 12:21.
7 සර්වබලධාරි මැවුම්කරු කරුණාවන්ත එඬේරෙකු මෙන් ඔහුගේ සේවකයන්ව මහත් ආදරයෙන් බලාගන්නා අතර, නිතරම සෝදිසියෙන් සිටින මුරකරුවෙකු මෙන් තම සේවකයන් ගැන විමසිල්ලෙන් සිටින බව 121වන ගීතිකාවේ ලේඛකයාට පූර්ණ විශ්වාසයක් තිබුණා. යෙහෝවා වෙනස් නොවන නිසා අපටත් එවැනිම විශ්වාසයක් තබාගන්න හොඳ හේතු තිබෙනවා. (මලාකි 3:6) අපගේ ශරීරයට කවදාවත් කිසිම හානියක් සිදු නොවන බව මින් අදහස් කරනවාද? නැහැ. නමුත් අපට උපකාර ලබා දෙන තැනැත්තා හැටියට අප දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම්, අපගේ ඇදහිල්ලට හානියක් විය හැකි සෑම දෙයකින්ම ඔහු අපව ආරක්ෂා කරනවා. නමුත් ‘යෙහෝවා අපට උපකාර කරන්නේ කොහොමද’ යන ප්රශ්නය මතු වෙනවා. ඔහු උපකාර සපයන ක්‍රම හතරක් සලකා බලමු. බයිබලයේ සඳහන් ඔහුගේ සේවකයන්ට ඔහු උපකාර කළ ආකාරය අපි මේ ලිපිය තුළින් සාකච්ඡා කරමු. ඊළඟ ලිපියෙහි අප සාකච්ඡා කරන්නේ ඔහුගේ වර්තමාන සේවකයන්ට ඔහු උපකාර කරන ආකාරයයි.
දේවදූතයන්ගෙන් උපකාර
8. පොළොව මත දෙවිට සේවය කරන අයගේ ශුභසිද්ධිය ගැන දේවදූතයන් හුඟාක් උනන්දු වීම පුදුමයක් නොවන්නේ ඇයි?
8 යෙහෝවාගේ අණසක යටතේ දේවදූතයන් මිලියන ගණනක් සිටිනවා. (දානියෙල් 7:9, 10) මෙම දේවදූතයන් දේවකැමැත්ත ඉටු කරන්නේ විශ්වාසවන්තවයි. (ගීතාවලිය 103:20) තමාට නමස්කාර කරන මිනිසුන් සඳහා යෙහෝවාට ඉමහත් ප්‍රේමයක් ඇති බවත්, ඔවුන්ට උපකාර කරන්න ඔහු කැමැත්තෙන් සිටින බවත් ඔවුන් හොඳින් දන්නවා. පොළොව මත දෙවිට සේවය කරන අයගේ ශුභසිද්ධිය ගැන දේවදූතයන් හුඟාක් උනන්දු වීම පුදුමයක් නොවෙයි. (ලූක් 15:10) යෙහෝවා මිනිසුන්ට උපකාර කරන්න ඔවුන්ව යොදාගැනීම ඔවුන්ට අනිවාර්යයෙන්ම සතුටක් ගෙන දෙනවා. පුරාණයේ විසූ තම සේවකයන්ට උපකාර කරන්න යෙහෝවා දේවදූතයන්ව යොදාගත්තේ කවර ආකාරවලින්ද?
9. දෙවිට විශ්වාසවන්තව සේවය කරන මිනිසුන්ව ආරක්ෂා කිරීමට දේවදූතයන්ට බලතල දෙනු ලැබූ බව තහවුරු කරන උදාහරණයක් සඳහන් කරන්න.
උත්පත්ති 19:1, 15-17) යෙරුසලමට තර්ජනය කරමින් සිටි ඇසිරියාවේ සෙබළුන් 1,85,000දෙනෙක්ම එක දේවදූතයෙකු අතින් මැරුම් කෑවා. (2 රාජාවලිය 19:35) දානියෙල්ව සිංහ ගුහාවකට දමනු ලැබූ විට ‘සිංහයන්ගේ කටවල් පියවීමට’ යෙහෝවා ‘දේවදූතයෙකු එව්වා.’ (දානියෙල් 6:21, 22) ප්‍රේරිත පේතෘස්ව සිරගෙයින් මුදාහැරියෙත් දේවදූතයෙක්. (ක්‍රියා 12:6-11) දේවදූතයන් ආරක්ෂාව ලබා දුන් වෙනත් උදාහරණ බොහොමයක් බයිබලයෙහි සඳහන් වෙනවා. “යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් වට කර කඳවුරු බැඳ ඔවුන් මුදාහරියි” යන අදහස එම උදාහරණවලින් තහවුරු වෙනවා.—ගීතාවලිය 34:7.
9 මුලින්ම දෙවිට විශ්වාසවන්තව සේවය කරන මිනිසුන්ව ආරක්ෂා කිරීමට හා මුදවාගැනීමට දේවදූතයන්ට බලතල දෙනු ලැබුවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න. සොදොම සහ ගොමෝරාවේ විනාශයෙන් බේරීම සඳහා දේවදූතයන් දෙදෙනෙක් ලොත් සහ ඔහුගේ දියණියන්ට උපකාර කළා. (10. දානියෙල්ව දිරිගැන්වීමට යෙහෝවා දේවදූතයෙකුව යොදාගත්තේ කොහොමද?
10 දෙවිට විශ්වාසවන්තව සේවය කරන මිනිසුන්ව දිරිගැන්වීමට හා ශක්තිමත් කිරීමට යෙහෝවා සමහර අවස්ථාවලදී දේවදූතයන්ව යොදාගත්තා. මේ පිළිබඳව කදිම උදාහරණයක් දානියෙල් 10වන පරිච්ඡේදයේ තිබෙනවා. ඒ අවස්ථාවේදී දානියෙල්ට අවුරුදු 100ක් පමණ වන්නට ඇති. ඔහු බොහෝ සෙයින් අධෛර්යය වී සිටියා. පෙනෙන විදිහට ඒ යෙරුසලමේ පාළුවට ගොස් තිබුණු නිසාත් දේවමාලිගාව ගොඩනැඟීමට ප්‍රමාදයක් තිබුණු නිසාත් විය හැකියි. ඔහු බිහිසුණු දර්ශනයක් දුටු නිසාත් කැලඹී සිටියා. (දානියෙල් 10:2, 3, 8) ඔහුව දිරිගැන්වීමට යෙහෝවා කාරුණිකව දේවදූතයෙකුව එව්වා. කිහිප වතාවක්ම දෙවි දානියෙල්ව “ඉතා ප්‍රේම ලත්” පුද්ගලයෙකු ලෙස සැලකූ බව දේවදූතයා ඔහුට මතක් කර දුන්නා. ප්‍රතිඵලයක් ලෙස එම මහලු අනාගතවක්තෘවරයා දේවදූතයාට පැවසුවේ “ඔබ මට ශක්තිය දුන්නෙහිය” කියායි.—දානියෙල් 10:11, 19.
11. ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට නිසි මඟ පෙන්වීමක් ලබා දීම සඳහා දේවදූතයන්ව යොදාගනු ලැබූ බවට පෙන්වන උදාහරණයක් දෙන්න.
11 ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට නිසි මඟ පෙන්වීමක් ලබා දීම සඳහාද යෙහෝවා දේවදූතයන්ව යොදාගත්තා. උදාහරණ දෙකක් සලකා බලන්න. ඉතියෝපියානු නිලධාරියෙකුට ක්‍රිස්තුස් ගැන දේශනා කරන්න ෆිලිප්ට මඟ පෙන්වූයේ දේවදූතයෙක්. ප්‍රතිඵලයක් ලෙස ඔහු බව්තීස්ම වුණා. (ක්‍රියා 8:26, 27, 36, 38) ඉන් ටික කලකට පසු අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන්ට ශුභාරංචිය දේශනා කළ යුතු බව දෙවි තීරණය කළා. දේවගරුබිය ඇති අන්‍යජාතිකයෙකු වූ කොර්නේලියස්ට දේවදූතයෙකු දර්ශනය වී ප්‍රේරිත පේතෘස්ව කැඳවන ලෙස ඔහුට මඟ පෙන්නුවා. කොර්නේලියස් එවූ පණිවිඩකාරයන් පේතෘස්ව මුණගැසුණු විට ඔවුන් පැවසුවේ මෙහෙමයි. “මිනිසුන් යවා තමාගේ ගෙදරට ඔබව කැඳවා, ඔබට පැවසීමට තිබෙන දේ අසන්නයයි ශුද්ධ වූ දේවදූතයෙකු විසින් [කොර්නේලියස්ට] දිව්‍යමය උපදෙස් දෙන ලදි.” පේතෘස් එම ආරාධනය පිළිගත් අතර, මුල්ම වතාවට ක්‍රිස්තියානි සභාවට අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන් එකතු වුණා. (ක්‍රියා 10:22, 44-48) නිසි හෘද නැඹුරුවාවක් ඇති පුද්ගලයෙකුව හමුවීමට දේවදූතයෙක් ඔබට උපකාර කළ බව ඔබ දැනගත්තා නම් ඔබට කොහොම හැඟෙයිද?
ශුද්ධාත්මයෙන් උපකාර
12, 13. (අ) ශුද්ධාත්මයෙන් ඔවුන්ට උපකාර ලැබෙන බව විශ්වාස කිරීමට යේසුස්ගේ ප්‍රේරිතයන්ට හොඳ හේතු තිබුණේ ඇයි? (ආ) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් ශුද්ධාත්මය නිසා බලවත් වුණේ කවර ආකාරයකින්ද?
12 යේසුස් මිය යෑමට ටිකකට කලින් තම ප්‍රේරිතයන්ට නොකඩවාම උපකාර ලැබෙන බවට පොරොන්දු වුණා. ඔහු පැවසුවේ ඔවුන්ට ‘උපකාරකයෙකු, එනම් ශුද්ධාත්මය’ පියාණන්ගෙන් ලැබෙන බවයි. (යොහන් 14:26) ශුද්ධාත්මයෙන් ඔවුන්ට උපකාර ලැබෙන බව විශ්වාස කිරීමට ප්‍රේරිතයන්ට හොඳ හේතු තිබුණා. එසේ පැවසීමට හේතුව නම් තම සෙනඟට උපකාර කිරීම සඳහා යෙහෝවා විශ්වයේ තිබෙන ප්රබලතම බලවේගය වන තම ශුද්ධාත්මය යොදාගත් ආකාරය පිළිබඳ උදාහරණවලින් ශුද්ධ ලියවිල්ල පිරී තිබීමයි.
13 යෙහෝවාගේ කැමැත්ත කිරීම සඳහා මිනිසුන් බලවත් වුණේ ශුද්ධාත්මය ඔවුන්ට ලැබුණු නිසයි. ඊශ්‍රායෙල් සෙනඟව සතුරන්ගෙන් මුදවාගැනීමට විනිශ්චයකරුවන් ශුද්ධාත්මය ලබා බලවත් වුණා. (විනිශ්චයකාරයෝ 3:9, 10; 6:34) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් නොයෙකුත් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙමින් නිර්භීත ලෙස තම දේශනා කටයුතු අත් නෑර කළේ ශුද්ධාත්මය ඔවුන්ව බලවත් කළ නිසයි. (ක්‍රියා 1:8; 4:31) ඔවුන් ලැබූ සාර්ථක ප්‍රතිඵලවලින් ප්රබලව පෙනී යන්නේ ශුද්ධාත්මය ඔවුන්ගේ සේවය තුළ ක්‍රියාත්මක වූ බවයි. රාජ්‍යය පිළිබඳ පණිවිඩය පතළ කළ මොවුන් “නූගත් සාමාන්‍ය” මිනිසුන්. එසේනම් ඒ කාලයේ සිටි සියලුම ජාතීන්ට එම පණිවිඩය දේශනා කිරීමට ඔවුන්ට උපකාර කළේ ශුද්ධාත්ම බලය බව පැහැදිලියි.—ක්‍රියා 4:13; කොලොස්සි 1:23.
14. යෙහෝවා තම සෙනඟට වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීම සඳහා ශුද්ධාත්මය යොදාගෙන ඇත්තේ කොහොමද?
උත්පත්ති 41:16, 38, 39) යෙහෝවා තම අරමුණු යටහත් පහත් අයට හෙළි කළෙත්, උඩඟු අයගෙන් සැඟෙව්වෙත් ඔහුගේ ශුද්ධාත්මය මාර්ගයෙනුයි. (මතෙව් 11:25) යෙහෝවා “තමාට ප්‍රේම කරන්නන් උදෙසා” සපයන දේවල් ගැන ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙසේයි. “දෙවි තම ආත්මය මාර්ගයෙන් ඒ දේ හෙළි කර තිබෙන්නේ අපටය.” (1 කොරින්ති 2:7-10) කෙනෙකුට දෙවිගේ කැමැත්ත හරියටම තේරුම්ගත හැකි වෙන්නේ ශුද්ධාත්මයේ උපකාරය ඔහුට තිබුණොත් පමණයි.
14 යෙහෝවා තම සෙනඟට වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීම සඳහාත් ශුද්ධාත්මය යොදාගත්තා. උදාහරණයකට අනාගතයේදී සිදු වන දේ පිළිබඳව පාරාවෝ දුටු සිහින තෝරා දීමට යෝසෙප්ට හැකි වුණේ දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරයෙනුයි. (දේවවචනයෙන් උපකාර
15, 16. ඥානවන්තව ක්‍රියා කිරීම සඳහා යෝෂුවාට උපදෙස් දුන්නේ කුමක් කරන්නට කියාද?
15 යෙහෝවාගේ ආනුභාවයෙන් ලියන ලද දේවවචනය ‘ඉගැන්වීමට ප්‍රයෝජනවත්’ වන අතර, දෙවිගේ සේවකයන්ට “පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව” සිටීමට උපකාර කරනවා. (2 තිමෝති 3:16, 17) දේවවචනයේ ලියා තිබුණු කොටස්වලින් පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් උපකාර ලැබූ ආකාරය පිළිබඳ ආදර්ශ බොහොමයක් බයිබලයේ සඳහන් වී තිබෙනවා.
16 දෙවිට නමස්කාර කරන අයට හොඳ මඟ පෙන්වීමක් ලබා දීමට ශුද්ධ ලියවිල්ල ප්‍රයෝජනවත් වුණා. ඊශ්‍රායෙල් ජාතියේ නායකයා වීමේ වගකීම යෝෂුවාට දුන් විට ඔහුට මෙසේ උපදෙස් දෙනු ලැබුවා. “මේ [එනම් මෝසෙස් විසින් ලියන ලද] ව්‍යවස්ථා පොත ඔබේ මුඛයෙන් තොර නොවිය යුතුය; එහි ලියා තිබෙන සියල්ල කරන පිණිස ඒ ගැන රෑ දාවල් මෙනෙහි කරන්න; එවිට ඔබේ මාර්ගය සපල වන්නේය; ඔබට ශුභසිද්ධ වන්නේය [ඔබ ඥානවන්තව ක්‍රියා කරන්නෙහිය, NW].” යෝෂුවාට යම් ආශ්චර්යවත් විදිහකින් ප්‍රඥාව ලැබෙන බව දෙවි පැවසුවේ නැහැ. “ව්‍යවස්ථා පොත” කියවා ඒ ගැන මෙනෙහි කිරීම අවශ්‍ය වුණා. යෝෂුවාට ඥානවන්තව ක්‍රියා කරන්න පුළුවන් වන්නේ එසේ කළහොත් පමණයි.—යෝෂුවා 1:8; ගීතාවලිය 1:1-3.
17. තමන්ට ලබාගත හැකි වූ දේවවචනයේ කොටස් දානියෙල්ට සහ යොෂියා රජුට උපකාරවත් වුණේ කොහොමද?
17 දෙවිගේ ලිඛිත වචනය ඔහුගේ කැමැත්ත හා අරමුණ හෙළි කිරීමටද උපකාරවත් වුණා. නිදසුනකට යෙරුසලම කොතරම් කාලයකට පාළු වී තිබේද කියා දානියෙල් තේරුම්ගත්තේ යෙරෙමියා ලියූ දේවලිනුයි. (යෙරෙමියා 25:1; දානියෙල් 9:2) යූදාහි රජු වූ යොෂියාගේ කාලයේදී සිදු වූ දේත් සලකා බලන්න. ඒ කාලයේදී ඒ ජාතිය යෙහෝවාගෙන් බොහෝ සෙයින් ඈත්ව සිටි අතර, පෙනෙන ආකාරයට රජවරුනුත් ව්‍යවස්ථාවේ පිටපතක් ලිවීමට හා එහි තිබෙන දේ පැවැත්වීමට අපොහොසත් වී තිබුණා. (ද්විතීය කතාව 17:18-20) එහෙත් දේවමාලිගාව අලුත්වැඩියා කළ අවස්ථාවේදී “ව්‍යවස්ථා පොත” සොයාගනු ලැබුවා. සමහරවිට එය වසර 800කට පමණ පෙර මෝසෙස් ලියූ පිටපත කියා සිතාගන්න පුළුවන්. එය කියවීමට අණ කළ යොෂියා එයට සවන් දුන්නායින් පසු තම ජාතිය යෙහෝවාගේ කැමැත්ත නොකිරීමෙන් ඔහුගෙන් කොතරම් ඈත්ව සිටියාද කියා තේරුම්ගත්තා. එමනිසා ඔහු එම පොතෙහි ලියා තිබුණු දේ කිරීමට දැඩි පියවර ගත්තා. (2 රාජාවලිය 22:8; 23:1-7) තමන්ට ලබාගත හැකි වූ දේවවචනයේ කොටස් පුරාණයේ විසූ දෙවිගේ සේවකයන්ට උපකාරවත් වූ බව මෙම උදාහරණවලින් පැහැදිලි වෙනවාට සැකයක් නැහැ.
සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උපකාර
18. දෙවිගේ සේවකයෙකු සෙසු සේවකයෙකුට උපකාර කරන විට එම උපකාරයට යෙහෝවා සම්බන්ධ බව අපට පැවසිය හැක්කේ ඇයි?
18 යෙහෝවා බොහෝ අවස්ථාවලදී අපට උපකාර කරන්නේ සෙසු ඇදහිලිවන්තයන් මාර්ගයෙනුයි. යෙහෝවාට නමස්කාර කරන කෙනෙක් තවත් එවැනිම කෙනෙකුට උපකාර කරන විට එම උපකාර දෙවිගෙන් බව අප වටහාගත යුතුයි. ඒ ඇයි? හේතු දෙකක් නිසයි. පළමුව එම උපකාර ලබා දීමට දෙවිගේ ශුද්ධාත්මය සම්බන්ධ වෙනවා. ප්‍රේමය සහ යහපත්කම ඇතුළු ශුද්ධාත්මයේ පල එහි බලපෑමට යටත් වන අය තුළ ඇති වෙනවා. (ගලාති 5:22, 23) එනිසා දෙවිගේ සේවකයෙකු සෙසු සේවකයෙකුට උපකාර කරන්න පෙලඹෙන විට යෙහෝවාගේ ශුද්ධාත්මය ක්‍රියා කරන බවට මෙය සාක්ෂියක් වෙනවා. දෙවනුව අපව නිර්මාණය කර තිබෙන්නේ දෙවිගේ රූපයෙනුයි. (උත්පත්ති 1:26) මින් අදහස් කරන්නේ කරුණාවන්තකම සහ අනුකම්පාව ඇතුළුව ඔහුගේ ගුණාංග පිළිබිඹු කිරීමට අපට හැකි බවයි. ඉතින් යෙහෝවාට සේවය කරන කෙනෙකු තවත් සෙසු සේවකයෙකුට උපකාර කරන විට එසේ උපකාර කරන පුද්ගලයා තුළ දිස් වන්නේ යෙහෝවාගේ ගුණාංගයි. එමනිසා එම උපකාරයට යෙහෝවා සම්බන්ධ බව අපට පැවසිය හැකියි.
19. බයිබලයේ තිබෙන තොරතුරුවලට අනුව යෙහෝවා තම සේවකයන්ට සෙසු ඇදහිලිවන්තයන් මාර්ගයෙන් උපකාර සැපයුවේ කොහොමද?
19 බයිබලයේ සඳහන් යෙහෝවාගේ සේවකයන්ට ඔහු සෙසු ඇදහිලිවන්තයන් මාර්ගයෙන් උපකාර සැපයුවේ කොහොමද? යෙහෝවා බොහෝ අවස්ථාවලදී තම සේවකයෙකු මාර්ගයෙන් තවත් සේවකයෙකුට උපදෙස් දීමට පියවර ගත්තා. මීට උදාහරණයක් වන්නේ බාරුක්ට බොහෝ වටිනා උපදෙස් දෙන්න යෙරෙමියා පියවර ගත් අවස්ථාවයි. (යෙරෙමියා 45:1-5) ඇතැම් අවස්ථාවලදී සෙසු ඇදහිලිවන්තයන්ගේ අග හිඟකම් පිරිමැසීමට සැබෑ නමස්කාරකයන් පියවර ගත්තා. යෙරුසලමේ අග හිඟකම්වලින් පෙළුණු තම සහෝදරයන්ට මැසිඩෝනියාවේ සහ ඇකේයාවේ ක්‍රිස්තියානීන් උපකාර කරන්න මහත් කැමැත්තෙන් ඉදිරිපත් වූ අවස්ථාව මීට හොඳ උදාහරණයක්. මෙලෙස ත්‍යාගශීලී වීමෙන් “දෙවිට ස්තුති දීමක් ඉපදවන්නේය” කියා ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළා.—2 කොරින්ති 9:11.
20, 21. රෝමයේ සිටි සහෝදරයන් පාවුල්ව ශක්තිමත් කළ ආකාරය විස්තර කරන්න.
20 යෙහෝවාගේ සේවකයන් එකිනෙකාව ශක්තිමත් කිරීමට හා දිරිගැන්වීමට වෑයමක් දැරූ ආකාරය ගැන ලියවී තිබෙන වාර්තා සිතට බොහෝ සෙයින් කාවදිනවා. ප්‍රේරිත පාවුල් සම්බන්ධ වූ එක්තරා සිද්ධියක් සලකා බලන්න. පාවුල් සිරකරුවෙකු ලෙස රෝමය බලා ගියේ “ඇපියන් මාර්ගය” යනුවෙන් හැඳින්වූ රෝම මහා මාර්ගය ඔස්සේයි. මෙම ගමනේ අවසාන අදියර ඉතා දුෂ්කර වුණා. එයට හේතුව මඩ වගුරු හරහා ගමන් කිරීමට සිදුවීමයි. * රෝම සභාවේ සිටි සහෝදරයන් පාවුල් පැමිණෙන බව දැන සිටියා. ඔවුන් කුමක්ද කළේ? පාවුල් පැමිණෙන තුරු නගරාසන්නයේ පිහිටි තම ගෙවල්වලට වී ඔවුන් නිකම්ම බලාගෙන සිටියාද?
ක්‍රියා 28:15) බොහෝ දුර ගමන් කළ ඒ සහෝදරයන්ව දැකීමෙන් පාවුල්ට ලොකු දිරිගැන්වීමක් සහ සහනයක් ලැබුණා. මෙලෙස ලැබූ උපකාරයට පාවුල් ස්තුති කළේ කාටද? ඊට මුල් වූ යෙහෝවා දෙවිට ඔහු ස්තුති කළා.
21 පාවුල් සමඟ එම ගමනට හවුල් වූ බයිබල් ලේඛක ලූක් සිදු වූ දේ විස්තර කරන්නේ මෙලෙසයි. “අප ගැන ආරංචි වී, එහි [එනම් රෝමයේ] සිටි සහෝදරයෝ එතැනින් අප්පියස්ගේ වෙළඳපොළ හා තුන් තානායම දක්වාම අප හමුවීමට පැමිණියෝය.” සිදු වූ දෙය ඔබට සිතින් මවාගත හැකිද? පාවුල් අතරමඟ පැමිණෙමින් සිටි බව දැනගත් සහෝදරයන් පිරිසක් රෝමයේ සිට ඔහුව හමුවීමට පිටත් වුණා. ඔවුන්ගෙන් කිහිපදෙනෙක් රෝමයෙන් කිලෝමීටර් 74ක් දුරින් පිහිටි ප්‍රසිද්ධ තානායමක් වූ අප්පියස්ගේ වෙළඳපොළ අසල ඔහු එන තුරු බලා සිටියා. තවත් කිහිපදෙනෙකු බලා සිටියේ රෝමයෙන් කිලෝමීටර් 58ක් දුරින් පිහිටි තුන් තානායම යන ගිමන්හලේදීයි. පාවුල්ට මෙය බලපෑවේ කොහොමද? “පාවුල් ඔවුන්ව දැක දෙවිට ස්තුති කොට ධෛර්යය උපදවාගත්තේය” කියා ලූක් වාර්තා කරනවා. (22. අප 2005 සඳහා යොදාගන්නා වාර්ෂික පදය මොකක්ද? මීළඟ ලිපියේ සලකා බැලෙන්නේ මොනවාද?
22 යෙහෝවා අනිවාර්යයෙන්ම උපකාර සපයන කෙනෙකු බව දේවවචනයේ වාර්තා වී ඇති තොරතුරුවලින් තහවුරු වෙනවා. ඔහුට සමාන කෙනෙක් නැහැ. එසේනම් 2005 වාර්ෂික පදය ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන් තෝරාගෙන තිබෙන්නේ ඉතා යෝග්‍ය බයිබල් පදයක්. එනම් ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’ යනුවෙන් ගීතාවලිය 121:2හි සඳහන් වචනයි. එහෙත් යෙහෝවා වර්තමානයේ අපට උපකාර කරන්නේ කොහොමද? මෙම කාරණය මීළඟ ලිපියේ සලකා බලමු.
[පාදසටහන]
^ 20 ඡේ. එම මාර්ගය දිගේ ගමන් කළ හොරස් නම් රෝම ජාතික කිවියා (ක්‍රි.පූ. 65 —8) ගමනේ මෙම අදියර ගැන විස්තර කිහිපයක් සැපයුවා. ඇපියස්ගේ වෙළඳපොළ “ඔරු පදවන්නන්ගෙන් හා ලෝභ තැබෑරුම්කාරයන්ගෙන් පිරුණු” තැනක් ලෙස හොරස් විස්තර කළා. “කෝඳුරුවන්ගෙන් හා මැඩියන්ගෙන්” ඔහු බොහෝ හිරිහැර වින්ද ආකාරය ගැනත්, “අපවිත්‍ර ජලය” ගැනත් මැසිවිලි නැඟුවා.
ඔබට මතකද?
• යෙහෝවා දේවදූතයන් මාර්ගයෙන් උපකාර සැපයුවේ කොහොමද?
• යෙහෝවා ශුද්ධාත්මය මාර්ගයෙන් උපකාර සැපයුවේ කොහොමද?
• යෙහෝවා තම ශුද්ධ වචනය මාර්ගයෙන් උපකාර සැපයුවේ කොහොමද?
• යෙහෝවා තම සේවකයන් මාර්ගයෙන් උපකාර සැපයුවේ කොහොමද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’ යනු 2005 සඳහා වාර්ෂික පදයයි.—ගීතාවලිය 121:2.
[16වන පිටුවේ පින්තූරය]
රෝමයේ සහෝදරයන්ගෙන් ලැබූ උපකාරවලට පාවුල් දෙවිට ස්තුති කළා