“රාජාලියාගේ දේශය” සිසාරා යෙහෝවාගේ වචනය පැතිරේ
“රාජාලියාගේ දේශය” සිසාරා යෙහෝවාගේ වචනය පැතිරේ
“රාජාලියාගේ දේශය.” මෙය ඇල්බේනියානු ජාතිකයන් ඔවුන්ගේ භාෂාවෙන් තම මව්බිම හඳුන්වා දෙන වචනයේ අර්ථයයි. ඇල්බේනියාව පිහිටා තිබෙන්නේ ග්‍රීසිය හා යුගොස්ලාවියාව අතරේ ආද්‍රියාතික් මුහුදට මුහුණලා බෝල්කන් අර්ධද්වීපයේයි. ඇල්බේනියානු ජාතිකයන්ගේ හා ඔවුන්ගේ භාෂාවේ ආරම්භය සම්බන්ධයෙන් විවිධ මත තිබුණද ඔවුන් පුරාණයේ සිටි ඉලිරිකමයන්ගෙන් පැවතෙන්නන් බවට බොහෝ ඉතිහාසඥයන් පිළිගන්නවා. ඉලිරිකමයන්ගේ ආරම්භය ක්‍රි.පූ. 2000දී සිදු වූ බවට එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි සඳහන් වෙනවා.
ඇල්බේනියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටා තිබෙන කඳු වැටිවලින් හා දකුණු දෙසින් ඇති ආද්‍රියාතික් මුහුදු වෙරළ මෙම රට සුන්දර තැනක් බවට පත් කර තිබෙනවා. නමුත් වඩාත් සිත් ඇදගන්නා දෙයක් වන්නේ එහි වෙසෙන මනුෂ්‍යයන්ගේ ගතිගුණයි. ඔවුන් ඉතා ලෙන්ගතුයි, ආගන්තුක සත්කාරයට ලැදියි. ඒ වගේම ඔවුන්ට ඉක්මනින් දේවල් වටහාගැනීමේ ශක්තිය තිබෙන අතර ඔවුන් නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා. ඔවුන් කතා බහ කරන විට බොහෝ අංග චලන භාවිත කරනවා.
ප්‍රසිද්ධ මිෂනාරිවරයෙකුගේ පැමිණීම
මීට සියවස් ගණනාවකට පෙර දේශ දේශාන්තරවල සංචාරය කළ එක් විශේෂ පුද්ගලයෙකුගේ සිත මේ රටේ සුන්දරත්වයට හා එහි වාසය කරන ජනයාගේ ප්‍රියමනාප ගුණාංගවලට ඇදී යෑම පුදුමයක් නෙවෙයි. බොහෝ දේශවලට රෝම 15:19) ඉලිරිකම කියා හඳුන්වන්නේ නවීන දින උතුරු හා මධ්‍යම ඇල්බේනියාවටයි. පාවුල් එසේ ලිව්වේ ඔහු ඉලිරිකමයට දකුණින් පිහිටි ග්‍රීසියේ කොරින්ති නගරයේ සිටි කාලයේදීයි. ඔහු “ඉලිරිකම දක්වා” ගොස් සෑම තැනකම දේශනා කළා කියා පැවසූ විට ඔහු ඇල්බේනියාවේ දේශ සීමාව දක්වා හෝ එසේත් නැත්නම් එම රට ඇතුළටම ගිය බව ඉන් ඇඟවෙනවා. කෙසේවෙතත් දැන් දකුණු ඇල්බේනියාව කියා හඳුන්වන රටේ ඔහු දේශනා කළා කියා සිතිය හැකියි. එහෙමනම් ඇල්බේනියාවට මුලින්ම රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීම ආරම්භ කර තිබෙන්නේ පාවුල් විසිනුයි.
ගමන් කර තිබූ මෙම විශේෂ පුද්ගලයා වූ පාවුල් ක්‍රි.ව. 56දී පමණ මෙසේ පවසා තිබුණා. “ඉලිරිකම දක්වා තිබුණු ප්‍රදේශය වටා ගොස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය සම්පූර්ණයෙන්ම දේශනා කළෙමි.” (පාවුල් ඇල්බේනියාවට ගියේ මීට සියවස් ගණනාවකට පෙරයි. ගෙවී ගිය එම සියවස් ගණනාව පුරා බොහෝ අධිරාජ්‍යයන්ගේ නැඟීම හා වැටීම ඒ රටට බලපා තිබෙනවා. ඒ වගේම ඇල්බේනියාව විවිධ විදේශීය පාලන ක්‍රම යටතේ තිබුණු අතර 1912දී ඔවුන්ට නිදහස ලැබුණා. නිදහස ලබා අවුරුදු දහයකට පමණ පසු ඔවුන්ට යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය නැවතත් අසන්න අවස්ථාවක් උදා වුණා.
අලුත් ආරම්භයක්
අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් සිටි ඇල්බේනියානු ජාතිකයන් කිහිපදෙනෙක් ඒ කාලයේදී ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් කියා හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය සාකච්ඡා කළා. ඒ පිරිස 1920 ගණන්වලදී ආපසු සිය මව්බිමට පැමිණියේ තමන් ඉගෙනගත් දේවල් තම රටවැසියන්ට පැවසීමේ අරමුණ ඇතිවයි. ඔවුන් ඉගෙනගනිමින් සිටි දේවල් අන් අයට පැවසීමට ඇල්බේනියාවට පැමිණි අය අතර නාෂො එඩ්රෙසි නම් සහෝදරයාද සිටියා. සමහර අය ඔවුන්ගේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. එන්න එන්නම උනන්දුව දක්වන අයගේ සංඛ්‍යාව වැඩි වෙනවාත් සමඟම 1924දී රුමේනියාවේ ශාඛා කාර්යාලයට ඇල්බේනියාවේ වැඩ අධීක්ෂණය කිරීමට පවරනු ලැබුවා.
ඇල්බේනියාවේ ඒ කාලයේදී යෙහෝවා දෙවි ගැන ඉගෙනගත් අයගෙන් එක් කෙනෙක් තමයි ඒතන් ඩූලෙස්. ඔහු ඒ කාලයේ සේවය ගැන මෙසේ මතක් කළා. “1925දී ඇල්බේනියාවේ සභා තුනක් තිබුණා. ඒ වගේම මුළු රට පුරාම තැනින් තැන බයිබල් ශිෂ්‍යයන් මෙන්ම උනන්දුව දැක්වූ අය හිටියා. ලෝකයේ මිනිසුන් අතර නොතිබුණු ආකාරයේ ලොකු බැඳීමක් මේ සහෝදරයන් අතර තිබුණා.” *
හොඳ පාරවල් තිබුණේ නැති නිසා ගමන් කිරීම එතරම් පහසු වුණේ නැහැ. නමුත් උද්‍යෝගිමත් දේවසේවකයන් මෙය බාධාවක් කරගත්තේ නැහැ. උදාහරණයක් හැටියට දකුණු මුහුදුබඩ ප්‍රදේශයක් වන ව්ලෝරාහි ජීවත් වූ ආරාටි පිනා 1928දී බව්තීස්ම වුණා. ඇය බව්තීස්ම වෙන විට ඇයට අවුරුදු 18යි. කඳුකර ප්‍රදේශයේ පාරවල්වල ගමන් කිරීම අපහසු වුණත් ඇය බයිබලය අතැතිව කඳු පල්ලම්වල ඇවිදිමින් සේවය කළා. වර්ෂ 1930 ගණන්වල මුල්භාගයේ ඇය සිටියේ ඉතා උද්‍යෝගිමත් සහෝදර සහෝදරියන් සිටි ව්ලෝරා සභාවෙයි.
වර්ෂ 1930දී ඇල්බේනියාවේ දේශනා සේවයේ කටයුතු අධීක්ෂණය කළේ ග්‍රීසියේ ඇතන්ස් ශාඛා කාර්යාලය මගිනුයි. වර්ෂ 1932දී ඇල්බේනියාවේ සහෝදරයන්ව ශක්තිමත් කර දිරිගැන්වීම සඳහා ග්‍රීසියෙන් චාරිකා අවේක්ෂකයෙක් පැමිණියා. ඒ කාලයේදී බයිබලය ඉගෙනගත් බොහෝදෙනෙකුට තිබුණේ ස්වර්ගික බලාපොරොත්තුවක්. ඔවුන් ගත කළ පිරිසිදු මෙන්ම ධර්මිෂ්ඨ ජීවිතය නිසා සැමෝම ඔවුන්ට ගෞරව කළා. ඇල්බේනියාවේ 1935 සහ 1936 වසරවලදී බයිබලයේ ඉගැන්වීම් අඩංගු පොත් පත් 6,500ක් බැගින් බෙදාහැරීමට ඔවුන් සමත් වුණා. මෙයින් පෙනී යන්නේ මෙම ඇදහිලිවන්ත සහෝදරයන් කළ සේවයේ මහත් ප්‍රතිඵල තිබුණු බවයි.
එක් දවසක් ව්ලෝරා නගරයේදී නාෂො එඩ්රෙසි නම් සහෝදරයා ජේ. එෆ්. රදෆඩ්ගේ කතාවක් ඇතුළත් තැටියක් ග්‍රැමෆෝනයෙන් වාදනය කළා. මේ කතාව සහෝදර එඩ්රෙසි ඇල්බේනියානු භාෂාවට පරිවර්තනය කළා. ඒ අවට සාප්පුවල හිටපු අය ඒ අයගේ සාප්පු වහලා කතාව අහන්න ආවා. වෙහෙස මහන්සියක් නොතකා බයිබලය කියා දුන් එම සහෝදරයන්ගේ වෑයමට ඇත්තෙන්ම ආශීර්වාද ලැබුණා. වර්ෂ 1940 වන විට ඇල්බේනියාවේ සාක්ෂිකරුවන් 50දෙනෙක් සිටියා.
දෙවි කෙනෙක් පිළි නොගන්නා දේශයක්
ඇල්බේනියාව 1939දී ඉතාලියේ ෆැසිස්ට්වාදීන්ගේ පාලනය යටතට පැමිණියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරනු ලැබුවා. ඉන් වැඩි කල් නොගොස් ජර්මනියේ හමුදාව ඇල්බේනියාව ආක්‍රමණය කළා. දෙවන ලෝක මහ යුද්ධයෙන් පසු බලවත් හමුදාපතියෙක් වූ අන්වාර් හොජ්ජ නමැත්තා කැපීපෙනෙන පුද්ගලයෙක් වුණා. වර්ෂ 1946දී ඔහුගේ කොමියුනිස්ට් පක්ෂය ඡන්දයෙන් ජයගත් අතර ඔහු ඇල්බේනියාවේ අගමැති බවට පත් වුණා. ඔහු අගමැති වීමෙන් පසු රටට නිදහස් කාලය ලැබුණා කියා පැවසුවද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නම් සිදු වූයේ එහි විරුද්ධ දෙයයි.
කාලයත් සමඟ ආණ්ඩුව ආගම්වලට විරුද්ධත්වය පාන්න පටන්ගත්තා. සැබෑ ක්‍රිස්තියානීන් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවි භාවිත කිරීමත් දේශපාලනයට හවුල් වීමත් ප්‍රතික්ෂේප කළා. (යෙසායා 2:2-4; යොහන් 15:17-19) මේ නිසා බොහෝදෙනෙකුව සිරගත කරනු ලැබුවා. ඔවුන්ට කෑමවත් මූලික පහසුකම්වත් ලැබුණේ නැහැ. සිරගත වී සිටි අයට බොහෝවිට කෑම සපයා දී ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සෝදා දුන්නේ පිටත සිටි සහෝදරියන්.
පීඩා මැද ස්ථීරව
ෆ්‍රෝසීනා ජැකා නම් යෞවනිය පර්මෙට් නම් නගරය අසල ගමක ජීවත් වුණා. ඇගේ අයියලා නාෂො ඩොරි නම් සාක්ෂිකාරයෙකුගෙන් ඉගෙනගත් දේවල් ඇයට 1940 මුල් කාලයේදී දැනගන්න ලැබුණා. මේ සාක්ෂිකරුවා සපත්තු සාදන්නෙක්. * මේ කාලයේදී අධිකාරීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සැලකුවේ ඉතා දරුණු විදිහටයි. ෆ්‍රෝසීනාගේ දෙමව්පියන්ගේ විරුද්ධත්වය මැද ඇගේ ඇදහිල්ල දිනෙන් දින ශක්තිමත් වුණා. “මම රැස්වීම් යන එක වළක්වන්න ඔවුන් මගේ සපත්තු හැංගුවා. මට ගැහුවා. ඇදහිල්ලේ නැති කෙනෙකුව මට විවාහ කර දෙන්න හැදුවා. මම ඒකට අකමැති වුණු නිසා මාව ගෙදරින් පැන්නුවා. එදා හිම වැටුණු සීතල දවසක්. නාෂො ඩොරි සහෝදරයා ගිරෝකාස්ටර් ප්‍රදේශයේ වෙසෙන ගෝලා ෆ්ලෝකෝ කියන සහෝදරයාගෙන් ඉල්ලා සිටියා මට උදව් කරන්න කියලා. මට ඔහුගේ පවුලේ අය සමඟ ඉන්න කටයුතු සූදානම් කළා. මගේ සහෝදරයෝ හමුදාවට බැඳුණේ නැති නිසා ඔවුන්ට අවුරුදු දෙකක් හිරේ ඉන්න සිදු වුණා. අයියලා හිරෙන් නිදහස් වුණාට පස්සේ මම ව්ලෝරා නගරයට ගිහින් අයියලා එක්ක ජීවත් වුණා.
“දේශපාලන ක්‍රියාවලට සම්බන්ධ වෙන්න කියා පොලිසිය මට බල කළා. නමුත් මම ප්‍රතික්ෂේප කළා. ඔවුන් මාව කාමරේකට ගෙන ගිහින් වට කරගත්තා. ඔවුන්ගෙන්
එක් කෙනෙක් මට මෙහෙම තර්ජනය කළා. ‘ඔයා දන්නවාද අපිට ඔයාට මොනවාද කරන්න පුළුවන් කියලා?’ ‘ඔයාට කරන්න පුළුවන් යෙහෝවා ඔයාට කරන්න ඉඩ දෙන දේවල් විතරයි’ කියලා මම කිව්වා. ‘ඔය ළමයාට නම් පිස්සු. යනවා යන්න මෙතනින්’ කියලා මාව එළවාගත්තා.”ඇල්බේනියාවේ සෑම සහෝදරයෙක් තුළම යෙහෝවා දෙවිට එවැනි පක්ෂපාතකමක් තිබුණා. වර්ෂ 1957 වන විට රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණන 75 දක්වා වැඩි වුණා. වර්ෂ 1960 ගණන්වලදී ටිරාන් නගරයේ ක්‍රිස්තියානි සේවය සංවිධානය කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය මගින් එක්සත් ජනපදයේ පදිංචි වී සිටි ඇල්බේනියානු ජාතික සහෝදරයෙක් වන ජෝන් මාක්ස්ව එහි යවනු ලැබුවා. * ඉන් වැඩි කල් නොගොස් ලුචේ ජැකා, මෙහාල් සුවාසි, ලාඕනේතා පෝපා සහ තවත් වගකීම් දැරූ සහෝදරයන්ව බරපතළ වැඩ ගන්න සිර කඳවුරකට ගෙන ගියා.
කලු වලාකුළේ රිදී රේඛාවක්
වර්ෂ 1967 වන තුරු ඇල්බේනියාවේ කිසිම ආගමකට රජයෙන් අනුමැතිය ලැබුණේ නැහැ. ඉන්පසු කිසිම ආගමක් පිළිපැදීමට ඉඩ දුන්නේ නැහැ. කතෝලික, ඕතඩොක්ස් හෝ මුස්ලිම් අයට ආගමික වතාවත් කිරීමට ඉඩ දුන්නේ නැහැ. කතෝලික දේවස්ථාන හා මුස්ලිම් පල්ලි වසා දමනු ලැබුවා. එහෙමත් නැත්නම් ඒ ස්ථාන ජිම්නාස්ටික් ක්‍රීඩා කරන ස්ථාන, කෞතුකාගාර බවට හෝ වෙළඳ මධ්‍යස්ථාන බවට පත් කරනු ලැබුවා. කිසිම කෙනෙකුට බයිබලයක් ළඟ තබාගන්න අවසර ලැබුණේ නැහැ. දෙවි කෙනෙක් විශ්වාස කරනවා කියා පැවසීම පවා වැරදි වුණා.
දේවසේවයේ යෑම හා එකට රැස්වීම් පැවැත්වීම ඉතා අසීරු කාර්යයක් වුණා. එකට දේවල් කරන්න අපහසු වුණත් එකිනෙකා තම තමන්ට හැකි උපරිමයෙන් යෙහෝවාට සේවය කළා. වර්ෂ 1960 සිට 1980 දක්වා කාලය අතරතුරේදී සාක්ෂිකරුවන්ගේ ගණන එන්න එන්නම අඩු වුණා. ඉතුරු වුණේ අතළොස්සක් පමණයි. නමුත් මේ ටිකදෙනා ඇදහිල්ලේ ස්ථීරව සිටියා.
වර්ෂ 1980දී ඇල්බේනියාවේ දේශපාලන තත්වය කෙමෙන් කෙමෙන් හොඳ අතට හැරුණද මිනිසුන්ට ඇති තරම් ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය තිබුණේ නැහැ. ඒ පාලනය යටතේ මිනිසුන් කල් ගෙව්වේ සතුටෙන් නෙවෙයි. නැඟෙනහිර යුරෝපය පුරා සිදු කරමින් පැවති වෙනස්කම් 1990 ගණන්වල මුල්භාගයේදී ඇල්බේනියාවටද බලපෑවා. අවුරුදු 45ක ඒකාධිපති පාලන ක්‍රමයෙන් මිදෙන්න ඔවුන්ට අවස්ථාව ලැබුණා. අලුත් ආණ්ඩුව නැවතත් ආගමික නිදහස ලබා දුන්නා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ මඟ පෙන්වීමට අනුව ඔස්ට්‍රියාවේ හා ග්‍රීසියේ ශාඛා කාර්යාලවලින් ඇල්බේනියානු සහෝදරයන්ට උපකාර කිරීමට සහෝදරයන්ව පිටත් කර යැව්වා. ඇල්බේනියානු භාෂාව දන්න ග්‍රීක ජාතික සහෝදරයන් ටිරානයට හා බෙරාට්වලට අලුතින් පරිවර්තනය කරන ලද පොත් පත් ගෙන ආවා. තැන් තැන්වල විසිරී සිටි ඇල්බේනියානු ජාතික සහෝදරයන් අවුරුදු ගණනකට පසු වෙනත් රටක සහෝදරයන්ව මුණගැසීමට ලැබීමෙන් මහත් ප්‍රීතියක් අද්දැක්කා.
විදේශීය පුරෝගාමීන් සේවය වේගවත් කරයි
වර්ෂ 1992 මුල්භාගයේදී පාලක මණ්ඩලය ඇල්බේනියානු ජාතික මිෂනාරි යුවළක් වන මයිකල් හා ලින්ඩා ඩිග්‍රේගෝයෝව ඇල්බේනියාවට යැව්වා. ඔවුන් ඇදහිලිවන්ත වයසක අයව හමු වූ අතර නැවතත් දෙවිගේ ලෝක ව්‍යාප්ත පවුලේ සාමාජිකයන් වීමට ඔවුන්ට උපකාර කළා. උද්‍යෝගයෙන් සේවය කරන ඉතාලි ජාතික පූර්ණ කාලීන සේවකයන් 16දෙනෙක් නොවැම්බර් මස ඇල්බේනියාවට පැමිණියා. ඔවුන් සමඟ තව ග්‍රීක ජාතික පුරෝගාමීන් හතරදෙනෙක්ද පැමිණියා. මේ පූර්ණ කාලීන සේවකයන්ට ඇල්බේනියානු භාෂාව ඉගෙනගැනීම සඳහා පන්ති පවත්වනු ලැබුවා.
පිට රටින් පැමිණි මේ සහෝදරයන්ට තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීම පහසු වුණේ නැහැ. විදුලි බලය නිතරම තිබුණේ නැහැ. ශීත ඍතුවේ පැවතුණු සීත දරාගන්න පහසු වුණේ නැහැ. මිනිසුන් තමන්ට අවශ්‍ය ආහාර පාන ආදිය ලබාගැනීමට පැය ගණන් පෝලිම්වල හිටියා. මේ සහෝදරයන්ට තිබුණු තවත් අභියෝගයක් වුණේ සත්‍යය කෙරෙහි උනන්දුව දක්වන අයව එකට එක් රැස් කිරීමට ලොකු ශාලාවක් සොයාගැනීමයි.
භාෂාව කියන්නේ යම් දෙයක් ඉෂ්ට කරගැනීමට උපකාරවත් වන එක් දෙයක් පමණක් බව ඇල්බේනියානු භාෂාව ඉගෙනගැනීමට මහත් සටනක් කරමින් සිටි සහෝදරයන් තේරුම්ගත්තා. බයිබලය උගන්වන එක් අද්දැකීම් ලත් සහෝදරයෙක් ඔවුන්ට මෙසේ පැවසුවා. “අපේ සහෝදරයන්ව උණුසුම් ලෙස සිප වැලඳගැනීමට හා මිත්‍රශීලීව පිළිගැනීමට භාෂාවේ ව්‍යාකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඇල්බේනියානු සහෝදරයන් ප්‍රතිචාරය දක්වන්නේ ඔබ හරියට පවසන ව්‍යාකරණවලට නෙවෙයි, මුළු හිතින්ම පෙන්වන ප්‍රේමයටයි. ඒ අයට ඔයගොල්ලන්ව තේරුම්ගන්න පුළුවන්.”
පුරෝගාමීන්ගේ පළවෙනි ඇල්බේනියානු භාෂා පාඩම් මාලාව අවසන් වූ විගස ඔවුන් බෙරාට්, ඩුරේස්, ගරෝකාස්ටර්, ෂ්කෝඩර්, ටිරාන හා ව්ලෝරා යන ප්‍රදේශවල සේවය කරන්න පටන්ගත්තා. ඒ නගරවල ඉක්මනින්ම අලුතින් සභා ඇති වුණා. ව්ලෝරා නගරයේ ජීවත් වෙමින් සිටි 80 හැවිරිදි ආරාටි පිනා සමඟ දේශනා සේවයේ හවුල් වීමට විශේෂ පුරෝගාමි සහෝදරයන් දෙදෙනෙකුව එහි යවනු ලැබුවා. විදේශිකයන් ඇල්බේනියානු භාෂාව කතා කරනවා දැකලා එහි මිනිස්සු පුදුම වුණා. ඒ අය මෙසේ පැවසුවා. “වෙනත් ආගම්වලට අයත් මිෂනාරිවරු කිව්වේ අපිට යමක් ඉගෙනගන්න ඕනේ නම් අපි ඉංග්‍රීසි භාෂාව හෝ ඉතාලි භාෂාව ඉගෙනගන්න ඕනේ කියලයි. හැබැයි ඔයගොල්ලන් ඇල්බේනියානු භාෂාව ඉගෙනගත්ත එකෙන් අපිට තේරෙන්නේ අපිට කියන්න මොකක් හරි වැදගත් පණිවිඩයක් ඔයගොල්ලන් ළඟ තියෙනවා කියලයි. ඔයගොල්ලන් නම් අපිට ඇත්තටම ආදරේයි.” ඇදහිලිවන්ත සහෝදරියක් වන ආරාටි ජීවත් වූ අන්තිම මාසය දක්වාම ඉතා උද්‍යෝගයෙන් සේවය කළා. ඇය 1994 ජනවාරි මාසයේ ඇගේ භූමික ජීවිතය අවසන් කළා. පුරෝගාමීන් හා ඇය උද්‍යෝගයෙන් කළ සේවයට ආශීර්වාද ලැබී තිබෙනවා. වර්ෂ 1995දී ව්ලෝරා නගරයේ නැවතත් සභාවක් පිහිටුවනු ලැබුවා. අද ඒ නගරයේ සභා තුනක් තිබෙන අතර එහි සහෝදරයන් දේශනා සේවයේ ජ්වලිතව හවුල් වෙනවා.
ඇල්බේනියාවේ ආගමික විරෝධතා දක්වන අය සිටින්නේ ටිකදෙනෙක් පමණයි. බොහෝදෙනෙක් දෙවි ගැන දැනගැනීමට මහත් පිපාසයකිනුයි සිටින්නේ. ඔවුන් සාක්ෂිකරුවන්ගෙන් බයිබලයේ සත්‍යතාවන් අඩංගු ඕනෑම පොතක් පතක් ලබාගෙන කියවීමට රුචියක් දක්වනවා. බොහෝ යෞවනයන් බයිබලයේ කරුණු ඉගෙනගෙන ඉක්මනින්ම සත්‍යය තුළ දියුණු වෙනවා.
අද වන විට ඇල්බේනියාවේ කණ්ඩායම්ද ඇතුළුව සභා 90කට වඩා තිබෙන අතර ඔවුන් “ඇදහිල්ලේ ස්ථිර වන්නත් දිනෙන් දින ගණනින් වැඩි වන්නත්” පටන්ගෙන තිබෙනවා. (ක්‍රියා 16:5) ඇල්බේනියාවේ සිටින සාක්ෂිකරුවන් 3,513දෙනාට තව බොහෝ දේ කරන්න තිබෙනවා. වර්ෂ 2005දී ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 10,144දෙනෙක් පැමිණියා. අන් අයව ආදරයෙන් පිළිගැනීමට කැමති ඇල්බේනියානු ජාතිකයන් 6,000දෙනෙක් සමඟ සාක්ෂිකරුවන් බයිබල් පාඩම් පවත්වනවා. මෑතකදී ඇල්බේනියානු භාෂාවෙන් මුදාහැරිය නව ලොව පරිවර්තනයෙන් බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබනවාට සැකයක් නැහැ. සැබවින්ම යෙහෝවාගේ වචනය “රාජාලියාගේ දේශය” සිසාරා පැතිරෙමින් පවතින අතර එමගින් යෙහෝවාට මහත් ප්‍රශංසාවක් ලැබෙනවා.
[පාදසටහන්වල]
^ 9 ඡේ. ඒතන් ඩූලෙස්ගේ ජීවිත කතාව 1968 දෙසැම්බර් 1 මුරටැඹ කලාපයේ පළ වී තිබෙනවා.—සිංහලෙන් නැත.
^ 17 ඡේ. නාෂො ඩොරිගේ ජීවිත කතාව 1996 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ පළ වුණා.
^ 19 ඡේ. ජෝන් මාක්ස්ගේ බිරිඳ වන හෙලන්ගේ ජීවිත කතාව 2002 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ පළ වුණා.
[20වන පිටුවේ කොටුව]
කොසෝවොහි වාර්ගික අර්බුදය නිමා වේ
කොසෝවො යන නම 1990 අගභාගයේදී නිතරම අසන්න ලැබුණු නමක්. මීට හේතුව දේශ සීමා බෙදාගැනීමේ හා වාර්ගික අර්බුදය නිසා ඇති වූ යුද්ධයයි. මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට විදේශීය උපකාරයද අවශ්‍ය වුණා.
බෝල්කන් අර්ධද්වීපයේ යුද්ධ පටන්ගත් අවස්ථාවේදී බොහෝ සාක්ෂිකරුවන්ට අවට දේශවලට පලා යෑමට සිදු වුණා. යුද්ධය අවසන් වූ පසු නැවතත් කොසෝවොහි වැඩ ආරම්භ කිරීම සඳහා කුඩා කණ්ඩායමක් පැමිණියා. ඇල්බේනියානු හා ඉතාලි ජාතික විශේෂ පුරෝගාමීන් කොසෝවොහි සිටින 23,50,000දෙනාට උපකාර කිරීමට එහි යෑමට කැමති වුණා. දැන් එම ප්‍රදේශයේ සභා හතරක් හා කණ්ඩායම් හයක් තිබෙනවා. මෙහි යෙහෝවාට සේවය කරන මුළු ප්‍රචාරකයන්ගේ ගණන 130ක් වෙනවා.
වර්ෂ 2003 වසන්ත සමයේදී ප්‍රීෂ්ටිනාවල පැවැත්වූ විශේෂ එක්රැස්වීමට 252දෙනෙක් සහභාගි වුණා. එහි පැමිණ සිටි අය අතර ඇල්බේනියානු ජාතිකයන්, ඉතාලි ජාතිකයන්, යුරෝපයේ හා උතුරු අමෙරිකාවේ වෙසෙන හින්දු සම්භවයක් ඇති අය (ජිප්සි) හා සයිබීරියානු ජාතිකයන් සිටියා. බව්තීස්ම කතාව අවසානයේදී කථිකයා ප්‍රශ්න දෙකක් ඇසුවා. තුන්දෙනෙක් පිළිතුරු දිමට සිටගත්තා. එක් කෙනෙක් ඇල්බේනියානු ජාතිකයෙක්, තවත් කෙනෙක් ජිප්සි ජාතිකයෙක් සහ අනෙක් කෙනා සයිබීරියානු ජාතික කාන්තාවක්.
ඒ ප්‍රශ්නයෙන් අනතුරුව බව්තීස්ම අපේක්ෂකයන් තුන්දෙනා තම තමන්ගේ භාෂාවලින් “වා!” “ඩා!” හා “පො!” කියා පිළිතුරු දුන් විට එහි රැස්ව සිටි සියලුදෙනා මහත් ප්‍රීතියෙන් අත්පොළොසන් දුන්නා. ඔවුන් එකිනෙකාව සිප වැලඳගත්තා. ඔවුන්ගේ රටේ පවතින දරුණු වාර්ගික අර්බුදයට ඔවුන් පිළිතුරු සොයාගෙන ඉවරයි.
[17වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
මධ්‍යධරණී මුහුද
ඉතාලිය
ඇල්බේනියාව
ග්‍රීසිය
[18වන පිටුවේ පින්තූරය]
වැඩිහිටියන් දක්වන ජ්වලිතය යෞවනයන් අනුකරණය කරමින්
[18වන පිටුවේ පින්තූරය]
ආරාටි පිනා 1928 සිට 1994 දක්වා ඇය මිය යන තුරු විශ්වාසවන්තව සේවය කළා
[19වන පිටුවේ පින්තූරය]
ඇල්බේනියානු භාෂාව හැදෑරූ මුලින්ම පැමිණි විදේශීය පුරෝගාමීන්
[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
රාජාලියා: © Brian K. Wheeler/VIREO