ආබාධිත වුවත් කැමැත්තෙන් හවුල් වෙයි
ආබාධිත වුවත් කැමැත්තෙන් හවුල් වෙයි
එල් සැල්වඩෝර් රටේ ජීවත්වන ලියනාඩෝ ආබාධිත තැනැත්තෙක්. ඔහු රැකියාව කරද්දී සිදු වූ අනතුරක් නිසා ඔහුගේ අත් දෙකේම මැණික් කටුවට මදක් ඉහළින් ඉවත් කරන්න සිදු වුණා. ඒත් මෙහි දැක්වෙන පිංතූරයේ පරිදි ඔහු එම රටේ එක් නගරයක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර කරන ස්ථානයක් සෑදීමේ වැඩලවට හවුල් වුණා. එම ස්ථාන හඳුන්වන්නේ “රාජ්‍ය ශාලාව” කියායි.
මේ වගේ දෙයක් කරන්න ලියනාඩෝට පුළුවන් වුණේ කොහොමද? ඔහු තමාටම වැඩ කරගන්න පුළුවන් ආකාරයට උපකරණ සාදා ගත්තා. ඔහුගේ සවලේ කෙළවරේ යකඩ රවුමක් සවිකර තිබුණා. එක් අතක් ඒ රවුමට දමා මැද කොටසඅනිත් අතට තද කර සවලෙන් අපද්‍රව්‍ය විල්බැරෝවට දමාගත්තා. මේ විල්බැරෝවේ හැඩලයේ කෙළවර දෙකේද යකඩ රවුම් දෙකක් සවිකර තිබුණා. ඔහු අත් දෙක ඒ තුළට දමාගෙන එය තල්ලු කරගෙන ගියා. මෙසේ මහන්සි වී වැඩ කිරීමට ඔහු පෙලඹුණේ ඇයි?
මේ වැඩවලට හවුල් නොවී ඉන්න ඔහුට ඕනෑ තරම් සාධාරණ හේතු තිබුණා. ඔහු රැකියාවක් කළ කෙනෙක්. ඔහු ආබාධිතයි. ඒ වගේම ඔහු සිටින සභාවේ සභා සේවකයෙක් හැටියටත් ඔහුට වගකීම් තිබුණා. මේ වැඩවලට අමතරව රාජ්‍ය ශාලාව ගොඩනැඟීමේ වැඩවලට සුළුවෙන් හෝ හවුල් වෙලා දෙවිට සේවය කරන්න ඔහුට තිබුණේ මහත් වුවමනාවක්.
දෙවිට සේවය කිරීමට ඔබට තිබෙන්නෙත් ඒ වගේ ආකල්පයක්ද? තමන්ගේ ආබාධිත තත්වය නිදහසට කරුණක් කරගන්නවා වෙනුවට ඔහුගේ මානසික හැකියාව යොදාගෙන ඔහුටම ගැළපෙන උපකරණ ඔහු සාදා ගත්තා. ඇත්තෙන්ම ලියනාඩෝ ඔහුගේ “මුළු මනසින්” දෙවිට සේවය කළා කියා කිව හැකියි. (මතෙව් 22:37) ආබාධිත වුණත් නැතත් ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා හවුල් වෙන අයට තිබෙන්නේත් ලියනාඩෝට තිබුණා හා සමාන ආකල්පයක්. එම රාජ්‍ය ශාලාවල පැවැත්වෙන රැස්වීම්වලට ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි අතර එහි පැමිණෙන්න කියා අපි ඔබටත් ආරාධනා කරන්නෙමු.