Skip to content

පටුනට යන්න

කිසිවකට සම කළ නොහැකි ලියවිල්ලක්

කිසිවකට සම කළ නොහැකි ලියවිල්ලක්

කිසිවකට සම කළ නොහැකි ලියවිල්ලක්

පුරාණ ග්‍රීක අධිරාජ්‍යය සමයේ ලියැවුණු කාව්‍යමය නිර්මාණ ගැන කුමක් කිව හැකිද? ඇත්තෙන්ම ඒවා විශිෂ්ට ගණයේ ලා සැලකෙන කෘතීන් බව බොහෝදෙනාගේ මතයයි. නමුත් ඊට බොහෝ කලකට පෙර ලියැවුණු බයිබලය සමඟ මෙම කෘතීන් සසඳද්දී කුමක් කිව හැකිද?

එක් විශ්වකෝෂයක (එම පොත The Oxford Encyclopedia of Archaeology in the Near East) මෙවැනි දෙයක් සඳහන් වුණා. “පුරාණ ඊශ්‍රායෙලයේ ආගමික විශ්වාසයන් ලිඛිතව සඳහන් කර තැබීම අනිවාර්යය දෙයක් වුණා.” මීට එක් උදාහරණයක් නම් ඔවුන්ට ලිඛිතව දී තිබු නීතියයි. එය පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් ඉදිරියේද ප්‍රසිද්ධියේද නිතරම පාහේ කියවනු ලැබුවා. ඒ වගේම පෞද්ගලිකවත් සමුහයක් වශයෙනුත් එය කියවා අධ්‍යයනය කළා. නීතියේ තිබූ යම් අංග ගැන එක් විශ්වවිද්‍යාල දේශකයෙක් කීවේ මෙවැන්නක්. “ඊශ්‍රායෙල් ජාතියේ සිටි බාල මහලු කොයි කවුරුත් කියවීමට හා ලිවීමට තම ජීවිතයේ මුල් තැනක් දිය යුතු බවට උපදෙස් දී තිබුණා.”—ද්වීතිය කතාව 31:9-13; යෝෂුවා 1:8; නෙහෙමියා 8:13-15; ගීතාවලිය 1:2.

ඒ හා සමානව අද දින සිටින ක්‍රිස්තියානීන්ද කිසිවකට සම කළ නොහැකි ලියවිල්ලක් වන බයිබලය සැලකිය යුතු ආකාරය ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.” එසේනම් ඔබ දිනපතා බයිබලය කියවීමෙන් ඒ සඳහා ඇති ඔබේ අගය ප්‍රකාශ කරනවාද?—රෝම 15:4.