සාතන්ගේ පාලනය අසාර්ථකයි
සාතන්ගේ පාලනය අසාර්ථකයි
‘දුෂ්ටයාට කිසි යහපතක් සිදු වන්නේ නැත.’—දේශ. 8:13.
1. දුෂ්ටයන්ට දඬුවම් කිරීම බොහෝදෙනෙකුට සහනයක් වන්නේ ඇයි?
අද බොහෝදෙනා දුෂ්ටයන් නිසා අයුක්තිය හා අසාධාරණයට මුහුණ දෙනවා. නමුත් දුෂ්ටයන් කරන වැරදිවලට ඉතා ඉක්මනින් ඔවුන්ට දඬුවම් ලැබෙනවා. (හිතෝ. 5:22; දේශ. 8:12, 13) එලෙස දඬුවම් ලබන ප්‍රධාන පුද්ගලයා වන්නේ දුෂ්ටකම ආරම්භ කළ සාතන් වන යක්ෂයායි. (යොහ. 8:44) එය දැන සිටීම බොහෝදෙනෙකුට විශේෂයෙන්ම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන අයට සහනයක්.
2. ඒදන් උයනේ ඇති වූ ප්රශ්නය විසඳීමට කාලය අවශ්‍ය වුණේ ඇයි?
2 තමා ගැන වුවමනාවට වඩා සිතූ සාතන් ඒදන් උයනේදී යෙහෝවා දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමට ආදම් සහ ඒවව පෙලඹෙව්වා. ඔවුන් සාතන්ට එකතු වී දෙවිට පාලනය කිරීමට ඇති අයිතිය අභියෝගයකට ලක් කළා. ඒ නිසා ඔවුන් පව්කාරයන් බවට පත් වුණා. (රෝම 5:12-14) තමාට ගෞරව නොකිරීමෙන් හා විරුද්ධ වීමෙන් ඔවුන්ට සිදු වන්නේ කුමක්ද කියා යෙහෝවා දෙවි දැන සිටියා. නමුත් එය සියලු මිනිසුන්ද දේවදූතයන්ද තේරුම්ගත යුතු වුණා. ඒ නිසා, උද්ගත වූ ගැටලුව විසඳන්නත් සාතන් හා ඔහුගේ පැත්ත ගත් අය වැරදි බව ඔප්පු කරන්නත් කාලය අවශ්‍ය වුණා.
3. මිනිසුන්ගේ පාලන ක්‍රම අප සැලකිය යුත්තේ කොහොමද?
3 මිනිසා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර ඔවුන්ගේම පාලන ක්‍රම ඇති කරගත්තා. පාවුල් එවැනි පාලන ක්‍රම හැඳින්නුවේ “උසස් බලධාරීන්” කියායි. එවකට උසස් බලධාරීන්ව සිටියේ නීරෝගේ පාලනය යටතේ පැවති රෝම අධිරාජ්‍යයි. ඔහු පාලනය කළේ ක්‍රිස්තු වර්ෂ 54-68 දක්වායි. එමෙන්ම උසස් බලධාරීන්ට “යම් බලතල ලබා දී තිබෙන්නේ දෙවි” කියාද පාවුල් පැවසුවා. (රෝම 13:1, 2 කියවන්න.) පාවුල් මිනිසුන්ගේ පාලන ක්‍රමවලට පක්ෂව කතා කළ බව ඉන් අදහස් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ යෙහෝවා දෙවි ඒ සඳහා ඔවුන්ට ඉඩ දී ඇති තාක් කල් ක්‍රිස්තියානීන් “දෙවි පිහිටුවා ඇති සැලැස්මට” ගරු කරමින් ඊට යටත් විය යුතු බවයි.
විනාශයට මඟ පෙන්වූ තීරණයක්
4. මිනිසුන්ගේ පාලන ක්‍රම අසාර්ථක වීමට හේතු පැහැදිලි කරන්න.
4 මිනිසුන්ගේ පාලන ක්‍රම අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. ඊට හේතුව ඔවුන් දෙවිගේ ප්‍රඥාවට එකඟව ක්‍රියා නොකිරීමයි. එමෙන්ම මිනිසුන් ඉගෙනගන්නේ යමක් අත්හදා බැලීමෙන් පසුවයි. නමුත් යෙහෝවා දෙවිට සෑම දෙයක් ගැනම පූර්ණ අවබෝධයක් තිබෙනවා. (යෙරෙ. 8:9; රෝම 16:27) ඒ නිසා ඔහුගේ මඟ පෙන්වීම් පිළි නොගන්නා ඕනෑම පාලන ක්‍රමයක් අසාර්ථක වෙනවා. එමෙන්ම සාතන් නිතරම තමන් ගැන පමණක් සිතමින් කටයුතු කරන නිසා ඔහු යටතේ පවතින ආණ්ඩුවලට කවදාවත් සාර්ථක වෙන්න බැහැ.
5, 6. දෙවිට විරුද්ධ වීමට සාතන් පෙලඹුණේ ඇයි?
5 තමන් ගන්නාවූ ක්‍රියාමාර්ගය අසාර්ථක වන බව දැන දැනම කෙනෙක් එය කරනවා නම් ඔහුට එහි අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වෙනවා. සාතන් කළේ එවැනි දෙයක්. තමන් ගැන ඕනෑවට වඩා සිතූ ඔහු තමන්ට සාර්ථක විය නොහැකි බව දැන දැනම දෙවිට විරුද්ධ වුණා. එමගින් සාතන් කැමැත්තෙන්ම විනාශයට යන මාවත තෝරාගත්තා. ඉතිහාසය පුරාම සිදු වී තිබෙන දේවලින් ඔප්පු වී තිබෙන්නේ සියලු බලය හිමි දෙවිට විරුද්ධව ක්‍රියා කිරීමෙන් කිසි යහපතක් සිදු නොවන බවයි.—හිතෝපදේශ 21:30 කියවන්න.
6 සාතන්ගේ ඒ උඩඟු ආකල්පය බැබිලෝනියේ රජ කෙනෙකු තුළින්ද දිස් වුණා. ඔහු තමා ගැනම මෙසේ පුරසාරම් දෙඩුවා. “මම අහසට යෙසා. 14:13-15) කෙසේවෙතත් ඔහු සිතූ දේ කිරීමට ඔහුට හැකි වුණේ නැහැ. ඒ නිසා බැබිලෝනියේ අධිරාජ්‍යයද බිඳ වැටුණා. සාතන් සහ ඔහු පාලනය කරන ලෝකයද ඒ හා සමානව සම්පූර්ණයෙන්ම විනාශ වීමට නියමිතයි.
නඟින්නෙමි. දෙවිගේ තාරකාවලටත් වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි. දේශයේ උතුරු කෙළවරට ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි. මම වලාකුළුත් පසු කරගෙන ඉහළටම නැඟ මහෝත්තම දෙවිට සමාන වන්නෙමි.” (දෙවි ඉඩහැරීමට හේතු
7, 8. කෙටි කලකට දුෂ්ටකම පැවතීමට ඉඩ දීමෙන් ලැබී ඇති යහපත් ප්‍රතිඵල සමහරක් මොනවාද?
7 කෙදිනකවත් සාර්ථක නොවන පාලනයක් කිරීමෙන් හා සාතන්ගේ පැත්ත ගැනීමෙන් දෙවි මිනිසාව වැළැක්වුවේ නැත්තේ ඇයි කියා සමහරුන් සිතිය හැකියි. සියලු බලය ඇත්තේ දෙවිට නිසා ඔහුට එය වළක්වන්න හැකියාව තිබුණා. (නික්. 6:3) නමුත් දෙවිගේ අතිමහත් ප්‍රඥාව නිසා මිනිසා ගත් ක්‍රියාමාර්ගයට කෙටි කලකට ඉඩ දීමෙන් අනාගතයේ යහපතක් සිදු වන බව දෙවි දැන සිටියා. එසේ කිරීමෙන් දෙවි ධර්මිෂ්ඨ හා ප්‍රේමණීය පාලකයෙක් බව අවසානයේදී ඔප්පු වෙනවා.
8 දෙවි දුෂ්ටකමට ඉඩහැරීම නිසා ඔහුට කීකරු වීමත් ඔහුව විශ්වාස කිරීමත් කොපමණ ඥානවන්තද කියා බොහෝදෙනෙක් තේරුම්ගෙන තිබෙනවා. ඉතිහාසය පුරා තිබූ පාලන ක්‍රම සියල්ල අසාර්ථක වීමෙන් දෙවිගේ සේවකයන් තේරුම්ගෙන තිබෙන්නේ හොඳම පාලනය දෙවිගේ පාලනය බවයි. යෙහෝවා දෙවි සාතන්ගේ පාලනයට ඉඩ දීමෙන් ඔහුගේ සේවකයන් ඇතුළු බොහෝදෙනෙකුට විපත්වලට මුහුණ දීමට සිදු වී තිබෙන බව ඇත්තයි. කෙසේවෙතත් එසේ කිරීමෙන් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට ප්‍රයෝජන ලැබී තිබෙනවා.
දෙවි ගෞරවයට පත් වුණා
9, 10. සාතන්ගේ පාලනය නිසා දෙවිට ගෞරවය ලැබෙන ආකාරය පැහැදිලි කරන්න.
9 සාතන්ගේ බලපෑමට යටත් වීමට හා තමන්වම පාලනය කිරීමට මිනිසුන්ට ඉඩහැරීමෙන්, පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතියට කිසිම තර්ජනයක් එල්ල වී නැහැ. ඉතිහාසය පුරාම සිදු වී ඇති දේවලින් යෙරෙමියාගේ වචන මොන තරම් සත්‍යයද කියා ඔප්පු වී තිබෙනවා. (යෙරෙමියා 10:23 කියවන්න.) සාතන්ගේ කැරලිගැසීමෙන් යෙහෝවා දෙවි ගැන තවත් දෙයක් පැහැදිලි වෙනවා. ඒ කුමක්ද?
10 සාතන්ගේ දුෂ්ටකම හා අසාර්ථක වූ පාලන ක්‍රමය මගින් යෙහෝවා දෙවිට ඔහුගේ යහපත් ගතිලක්ෂණ වඩාත් හොඳින් විදහා පෙන්වීමට
අවස්ථාව ලැබුණා. ඒ නිසා දෙවිට ප්‍රේම කරන අය තුළ ඔහු කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇති වී තිබෙනවා. වෙනත් විදිහකින් පවසනවා නම් සාතන්ගේ කැරැල්ල නිසා ඔහු නොසිතූ ආකාරයකින් දෙවිට ගෞරවය ලැබී තිබෙනවා. එය වඩාත් හොඳින් තේරුම්ගැනීමට අපි යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ කිහිපයක් ගැන සලකා බලමු.11. දෙවි අපට ප්‍රේමය පෙන්වා ඇත්තේ කොහොමද?
11 ප්‍රේමය. “දෙවි ප්‍රේමය” කියා බයිබලයේ පවසනවා. (1 යොහ. 4:8) ඔහු මිනිසාව නිර්මාණය කළේ ඔහුගේ ප්‍රේමය නිසයි. මිනිසාගේ ශරීරය නිර්මාණය කර ඇති ආකාරයෙන් එය තවත් පැහැදිලිව දැකගත හැකියි. එමෙන්ම දෙවි මිනිසාගේ සන්තෝෂයට අවශ්‍ය සියල්ල ඇතුව පොළොව නිර්මාණය කළේද ඔහුගේ ප්‍රේමය නිසයි. (උත්. 1:29-31; 2:8, 9; ගීතා. 139:14-16) මිනිසුන් පව්කාරයන් වීමෙන් පසුව පවා දෙවි ඔවුන්ට වෙනත් ආකාරයකින් ප්‍රේමය පෙන්නුවා. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහ. 3:16) මිනිසාව පාපයෙන් ගලවාගන්න තමාගේ එකම පුත්‍රයාව දීමට වඩා ප්‍රේමය පෙන්වීමේ වෙනත් විශිෂ්ට ක්‍රමයක් දෙවිට තිබෙනවාද! (යොහ. 15:13) පාඩුවක් විඳින්න සිදු වුණත් දෙවි මිනිසුන්ට ප්‍රේමය පෙන්වූ ආකාරය යේසුස් ආදර්ශයට ගත්තා. අපත් අපගේ එදිනෙදා ජීවිතයේදී දෙවිව ආදර්ශයට ගනිමින් අන් අයට ප්‍රේමය පෙන්වමු.—යොහ. 17:25, 26.
12. යෙහෝවා දෙවිගේ බලය දැකගත හැක්කේ කෙහොමද?
12 බලය. ජීවිතය ලබා දීමේ හැකියාව ඇත්තේ “සියලු බලැති තැනැත්තා” වන යෙහෝවා දෙවිට පමණයි. (එළි. 11:17; ගීතා. 36:9) දරුවෙක් උපත ලබන විට ඔහුගේ මනස හරියට හිස් කොළයක් හා සමානයි. ඔහු මිය යන විට ඔහු ගත් තීරණ, ඔහු කළ දේවල් සහ ඔහු ලැබූ අද්දැකීම් මෙන්ම ඔහු මොන වගේ පුද්ගලයෙක්ද යන තොරතුරු එහි සටහන් වී තිබෙනවා. එම තොරතුරු සියල්ලක්ම මතකයේ තබාගැනීමට යෙහෝවා දෙවිට හැකියි. ඉදිරියේදී දෙවි එම තොරතුරු සමගින් ඒ පුද්ගලයාට නැවත ජීවිතය ලබා දෙනවා. (යොහ. 5:28, 29) නමුත් දෙවි මිනිසාව නිර්මාණය කළේ මිය යෑමට නොවෙයි. කෙසේවෙතත් මිනිසා මරණය උරුම කරගත් නිසා ඔවුන්ව නැවත නැඟිටුවන්න පවා තමාට බලය තිබෙන බව පෙන්වීමට යෙහෝවා දෙවිට අවස්ථාව ලැබුණා. “සියලු බලැති තැනැත්තා” යෙහෝවා දෙවි බවට කිසිම සැකයක් නැහැ!
13. යෙහෝවා දෙවි යුක්තිසහගත දෙවි කෙනෙක් බව යේසුස්ගේ ජීවිත පූජාව තුළින් හෙළි වුණේ කොහොමද?
13 යුක්තිය. යෙහෝවා දෙවි බොරු කියන්නේවත් අයුක්තිසහගත ලෙස ක්‍රියා කරන්නේවත් නැහැ. (ද්වි. 32:4; තීත. 1:2) සමහර අවස්ථාවලදී යුක්තිය ඉටු කිරීමට යම් පරිත්‍යාගයන් කරන්න සිදු වුණත් ඔහු එසේ කරනවා. (රෝම 8:32) උදාහරණයකට දේවඅපහාස කරන්නෙකු ලෙස තම පුත්‍රයා මිය යනවා දැකීම දෙවිට මොන තරම් වේදනාවක් ගෙන දෙන්න ඇද්ද! ඒ වුණත් යෙහෝවා දෙවිම පිහිටුවා ඇති යුක්තිසහගත ප්‍රමිති නිසා ඔහු එම වේදනාව දරාගත්තා. ඒ තුළින් ඔහු මිනිසුන් කෙරෙහි ඇති ප්‍රේමයද පෙන්නුවා. (රෝම 5:18-21 කියවන්න.) මුළු ලෝකයම අයුක්තිසහගත දේවලින් පිරී ඇති නිසා දෙවිට ඔහුගේ යුක්තිය උසස්ම ආකාරයෙන් ක්‍රියාවට නැඟීමට අවස්ථාව ලැබුණා.
14, 15. දෙවි තම ප්‍රඥාව හා ඉවසීම පෙන්වා ඇත්තේ කොහොමද?
14 ප්‍රඥාව. ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ අවස්ථාවේදීම ඔවුන්ගේ අකීකරුකම නිසා ඇති වන භයානක ප්‍රතිඵල ඉවත් කරන ආකාරය යෙහෝවා දෙවි හෙළි කළා. (උත්. 3:15) දෙවි ගත් ඒ ක්ෂණික පියවර තුළින් හා ඔහුගේ අරමුණ ගැන තම සේවකයන්ට ක්‍රමානුකූලව දැනුම් දීම තුළින් දෙවිගේ ප්‍රඥාව මොන තරම්ද කියා පැහැදිලි වෙනවා. (රෝම 11:33) දෙවිගේ ඒ අරමුණට බාධා කරන්න කිසිම දෙයකට බැහැ. මේ ලෝකය අනාචාරය, යුද්ධ, අසාධාරණය, අකීකරුකම, කුරිරුකම, පක්ෂග්රාහි සහ කුහකකමින් පිරී ඇති නිසා තමා සතු ප්‍රඥාව කොතරම්ද කියා පෙන්වීමට යෙහෝවා දෙවිට අවස්ථාව ලැබුණා. දෙවිගේ ප්‍රඥාව ඇති කෙනෙක් කටයුතු කරන ආකාරය ගැන යාකොබ් මෙසේ පැවසුවා. “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය. එසේම ඔහු සාමකාමීය. ඔහු සාධාරණ ලෙස කටයුතු කරන, කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි. ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි. ඔහු කුහකකමින් තොර මිනිසෙකි.”—යාකො. 3:17.
15 බොහෝ ඉවසිලිවන්තකම. මිනිසුන්ගේ වැරදි හා අඩුපාඩුකම් නිසා දෙවිට ඔවුන් සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමට සිදු වුණා. ඒ තුළින් ඔහුගේ ඉවසීම මොන තරම්ද කියා කැපීපෙනුණා. ඔහු වසර දහස් ගණනාවක් පුරා එය පරිපූර්ණ ආකාරයකින් පෙන්වා තිබෙනවා. එමෙන්ම පේතෘස්ද මෙවැනි දෙයක් පැවසුවා. “ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ඔබේ ගැලවීමට දායක වන බව සැලකිල්ලට ගන්න.” ඒ නිසා අප ඔහුගේ ඉවසීම ගැන ඔහුට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!—2 පේතෘ. 3:9, 15.
16. අපගේ ප්‍රීතියට හේතුවක් වන්නේ කුමක්ද?
16 සමාව දීමට කැමති වීම. අප පව්කාරයන් නිසා අප අතින් බොහෝ අවස්ථාවලදී වැරදි සිදු වෙනවා. (යාකො. 3:2; 1 යොහ. 1:8, 9) ඒ වෙනුවෙන් දෙවි “මුළු හදින්ම” සමාව දෙන්න කැමැත්තෙන් සිටීම ගැන අප ඔහුට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! (යෙසා. 55:7) මේ ගැනත් සිතන්න. අපගේ වැරදිවලට දෙවි සමාව ලබා දෙන විට ඉන් ලැබෙන සහනය අද්දැකිය හැක්කේ අප පව්කාරයන් වන නිසයි. (ගීතා. 51:5, 9, 17) අප පෞද්ගලිකව එය අද්දකින විට දෙවිට වඩාත් ළං වීමටත් ඔහුව අනුකරණය කරමින් අන් අයට සමාව දීමටත් අප පෙලඹෙනවා.—කොලොස්සි 3:13 කියවන්න.
රෝගී වූ ලෝකයක්
17, 18. සාතන්ගේ පාලනය අසාර්ථක වී ඇති බව පවසන්න පුළුවන් ඇයි?
17 සාතන්ගේ පාලනය යටතේ තිබෙන සියල්ල අසාර්ථක වී තිබෙනවා. වර්ෂ 1991දී පළ වූ එක් පුවත්පතක මෙසේ සඳහන් වී තිබුණා. “මේ ලෝකය ලෙඩ වෙලාද? ඇත්තෙන්ම ඔව්. නමුත් එසේ සිදු වී තිබෙන්නේ මිනිසුන්ගේ ක්‍රියා නිසා මිස දෙවිගේ ක්‍රියාවක් නිසා නොවෙයි.” එය මොන තරම් සත්‍යයක්ද! ආදම් සහ ඒව සාතන්ගේ බලපෑම නිසා දෙවිගේ පාලනය වෙනුවට මනුෂ්‍යය පාලනය තෝරාගත්තා. ඔවුන් තෝරාගත්තේ අනිවාර්යයෙන්ම අසාර්ථක වන දෙයක්. ලොව පුරා මිනිසුන් අද්දකින වේදනා හා අසන්තෝෂය එම පාලන ක්‍රම ඉතා අසාර්ථක බවට පැහැදිලි සාක්ෂි සපයනවා.—එම පුවත්පත The European.
18 සාතන් පාලනය කරන්නේ තමා ගැන පමණක් සිතමිනුයි. නමුත් දෙවි පාලනය කරන්නේ ඉතා ප්‍රේමණීය ආකාරයටයි. ඒ නිසා දෙවිගේ පාලනයට වඩා සාර්ථක ලෙස පාලනය කරන්න සාතන්ට කිසිම දිනක හැකි වන්නේ නැහැ. සාතන්ගේ පාලනයෙන් මිනිසුන්ට සන්සුන් වාතාවරණය, සන්තෝෂය හා ආරක්ෂාව ලබා දීමට හැකි වී නැහැ. නමුත් අනාගතයේදී දෙවිගේ පාලනය තුළින් ඒ සියලු දේ අපට ලබා දෙනවා. ඒ නිසා යෙහෝවා දෙවිගේ පාලනය හොඳම පාලනය කියා අපට ස්ථිරවම පැවසිය හැකියි. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.
දෙවිගේ හා මිනිසාගේ පාලනය ගැන පහත සඳහන් බයිබල් පද කියවීමෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[25වන පිටුවේ පින්තූර]
සාතන්ගේ පාලනය මිනිසුන්ට කිසි යහපතක් සිදු කර නැහැ
[හිමිකම් විස්තර]
U.S. Army photo
WHO photo by P. Almasy
[26වන පිටුවේ පින්තූරය]
මළවුන්ට පවා යළි ජීවිතය ලබා දෙන්න දෙවිට බලය තිබෙනවා
[27වන පිටුවේ පින්තූරය]
යෙහෝවා දෙවිගේ ප්‍රේමය හා යුක්තිය යේසුස්ගේ ජීවිත පූජාව තුළින් පැහැදිලි වෙනවා