යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?
යේසුස් බොහෝ අවස්ථාවලදී යාච්ඤා කරන ආකාරය ගැන කියා දුන්නා. ඔහුගේ කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන් “ප්‍රධාන මං සන්ධිවලදී” සිටගෙන යාච්ඤා කළේ “මිනිසුන්ට පෙනෙන” ලෙසයි. ඔවුන් කැමති වුණේ අන් අය තමන්ගේ භක්තිවන්තකම අගය කරනවා දැකීමටයි. යාච්ඤාවට පිළිතුරු ලැබීම සඳහා ‘වචන රාශියක්’ අවශ්‍යයි කියා සිතූ බොහෝදෙනා යාච්ඤා කරද්දී එකම දේ පැවසුවා. (මතෙව් 6:5-8) නමුත් එසේ කිරීම නිෂ්ඵල බව පැවසූ යේසුස් යාච්ඤා කරද්දී වැළකිය යුතු දේවල් තේරුම්ගැනීමට අවංක හදවත් ඇති අයට උදව් කළා. කොහොමවුණත් යාච්ඤා නොකළ යුතු ආකාරය ගැන උගන්වනවාට වඩා වැඩි යමක් ඔහු කළා.
අපේ යාච්ඤා තුළින් දෙවිගේ නාමය විශුද්ධි වෙනවා දැකීමට, දේවරාජ්‍යය පැමිණෙනවා දැකීමට හා ඔහුගේ කැමැත්ත ඉටු වෙනවා දැකීමට වූ අපගේ ආශාව පිළිබිඹු විය යුතු බව යේසුස් පැවසුවා. එමෙන්ම පෞද්ගලික කාරණා සම්බන්ධයෙනුත් යාච්ඤා කළ හැකි බව ඔහු ඉගැන්නුවා. (මතෙව් 6:9-13; ලූක් 11:2-4) දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවාට අපි කැමති නම් නොකඩවා අයැදීම, ඇදහිල්ල හා නිහතමානිකම අවශ්‍ය බව උපමා යොදාගනිමින් යේසුස් ඒත්තුගැන්නුවා. (ලූක් 11:5-13; 18:1-14) ඔහුගේ කදිම ආදර්ශයත් එම ඉගැන්වීම්වලට තදින්ම බලපෑවා.—මතෙව් 14:23; මාක් 1:35.
අර්ථවත් ලෙස යාච්ඤා කිරීමට යේසුස්ගේ ගෝලයන්ට එම තොරතුරු ප්‍රයෝජනවත් වූ බවට නම් සැකයක් නැහැ. නමුත් යාච්ඤාව සම්බන්ධයෙන් වැදගත්ම කරුණ යේසුස් ඉගැන්වූයේ ඔහු මිය ගිය දිනට පෙර දිනයේදීයි.
‘යාච්ඤාවේ සන්ධිස්ථානයක්’
එදින රාත්‍රියේ තම අනුගාමිකයන්ව දිරිගැන්වීමට යේසුස් වැඩි කාලයක් ගත කළා. අලුත් යමක් ඉගැන්වීමටත් එය සුදුසු වාතාවරණයක් වුණා. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත” කියා පැවසූ ඔහු මෙම දිරිගන්වනසුලු පොරොන්දුවද ලබා දුන්නා. “ඔබ මාගේ නාමයෙන් ඉල්ලන ඕනෑම දෙයක්, පුත්‍රයා තුළින් පියාණන් මහිමයට පත් වන පිණිස මම ඉටු කරන්නෙමි. ඔබ ඕනෑම දෙයක් මාගේ නාමයෙන් ඉල්ලුවොත්, මම එය ඉටු කරන්නෙමි.” එම සාකච්ඡාව අවසන් කරමින් යේසුස් මෙසේ පැවසුවා. “මේ දක්වා ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න. එවිට ඔබට ලැබෙන්නේය. එමගින් ඔබේ ප්‍රීතිය පූර්ණ වන්නේය.”—යොහන් 14:6, 13, 14; 16:24.
එම වදන්වලට වැදගත් අර්ථයක් තිබුණා. එක් පොතක එය පැහැදිලි කර තිබුණේ “යාච්ඤා කරන ආකාරයේ සුවිශේෂ වෙනසක් ඇති කළ සන්ධිස්ථානයක්” ලෙසයි. දෙවිට යාච්ඤා කරනවා වෙනුවට තමන්ට යාච්ඤා කරන්න කියා යේසුස් පැවසුවේ නැහැ. ඒ වෙනුවට දෙවිට යාච්ඤා ඉදිරිපත් කළ හැකි නව ක්‍රමයක් යේසුස් හඳුන්වා දුන්නා.
දෙවි අතීතයේ සිට තම ඇදහිලිවන්තයන්ගේ යාච්ඤාවලට සවන් දී තිබෙනවා. (1 සාමුවෙල් 1:9-19; ගීතාවලිය 65:2) කොහොමවුණත් දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ගිවිසුමක් ඇති කරගත් කාලයේදී ඔහු සවන් දුන්නේ ඊශ්‍රායෙල්වරුන්ව තමා තෝරාගත් සෙනඟ හැටියට හඳුනාගෙන තිබූ අයගේ යාච්ඤාවලට පමණයි. එමෙන්ම සලමොන් රජගේ කාලයේදී, තමා වෙනුවෙන් පූජාවන් ඔප්පු කිරීම සඳහා දෙවි තෝරාගෙන තිබුණේ දේවමාලිගාව බව විශ්වාස කළ අයගේ යාච්ඤාවලට පමණයි දෙවි සවන් දුන්නේ. (ද්විතීය කතාව 9:29; 2 ලේකම් 6:32, 33) නමුත් මෙම නමස්කාර ක්‍රමය වැඩි කල් පැවතුණේ නැහැ. බයිබල් ලේඛකයෙක් වූ පාවුල් සඳහන් කළේ ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය හා දේවමාලිගාවේදී ඔප්පු කළ පූජාවන් ‘මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් [සංකේතයක්] මිස නියම රූපයම නොවෙයි’ කියායි. (හෙබ්‍රෙව් 10:1, 2) සැබෑ දේ පැමිණි විට නීතිය හෝ පූජාවන් තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. (කොලොස්සි 2:17) ක්‍රිස්තු වර්ෂ 33 සිට මිනිසා හා දෙවි අතර පැවති මිත්‍රත්වය තවදුරටත් මෝසෙස්ට දුන් නීතියට කීකරු වීම මත රඳා පැවතුණේ නැහැ. ඒ වෙනුවට එය රඳා පැවතියේ නීතියෙන් යොමු දැක්වූ යේසුස් ක්‍රිස්තුස්ට කීකරු වීම මතයි.—යොහන් 15:14-16; ගලාති 3:24, 25.
“සියලු නාමවලට වඩා උතුම්” නාමයක්
අපේ යාච්ඤාවන් දෙවිට ඉදිරිපත් කරන මාර්ගය විවෘත කර දෙන බලවත් මිතුරෙක් ලෙස යේසුස් තමාව හැඳින්නුවා. යෙහෝවා දෙවි වෙතට එළඹිය හැකි වඩාත් ශ්‍රේෂ්ඨතම ක්‍රමය ඔහු හඳුන්වා දුන්නේ එලෙසයි. අපි වෙනුවෙන් එවැනි දෙයක් කරන්න ඔහුට හැකි වුණේ කෙසේද?
රෝම 3:20, 24; හෙබ්‍රෙව් 1:3, 4) නමුත් පාපයෙන් මිදීමට කැමැත්තෙන් සිටින සියල්ලන් වෙනුවෙන් කිසිම පාපයක් නොකළ යේසුස් තම ජීවිතය පූජා කළා. (රෝම 5:12, 18, 19) ඒ නිසා ඔහුගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබමින් ඔහුගේ නාමයෙන් යාච්ඤා කරන අයට දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමටත්, ඔහු සමඟ “කතා කිරීමේ නිදහස” ඇතුව සිටීමටත් හැකි වෙනවා.—එෆීස 3:11, 12.
අපි පාපය උරුම කරගෙන උපදින නිසා මොන පූජාවක් කළත් පාපයෙන් මිදීමටවත්, ශුද්ධ වූ දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමටවත් හැකියාවක් නැහැ. (යේසුස්ගේ නාමයෙන් අපේ යාච්ඤා දෙවිට ඔප්පු කරද්දී ඔහු දෙවිගේ අරමුණු ඉටු කිරීම උදෙසා කරන වැදගත් කාර්යයන් 3ක් කෙරෙහි අපිට විශ්වාසයක් තිබෙන බව අපි පෙන්නුම් කරනවා. (1) පාපවලට සමාව ලබා දීම වෙනුවෙන් තම ජීවිතය පූජා කළ “දෙවිගේ බැටළු පැටවා” යේසුස් බව. (2) යේසුස් දැන් ස්වර්ගයේ ‘උත්තම පූජකයා’ ලෙස පෙනී සිටින නිසා තම ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබා දීමට කටයුතු කරන බව. (3) දෙවිට ළඟාවීමට තිබෙන එකම “මාර්ගය” ලෙස ඔහු ක්‍රියා කරන බව.—යොහන් 1:29; 14:6; හෙබ්‍රෙව් 4:14, 15.
යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කිරීමෙන් ඔහුව ගෞරවයට පත් වෙනවා. එවැනි ගෞරවයක් ලැබීමට ඔහු සුදුසු වන්නේ ‘සියල්ලන් යේසුස්ගේ නාමයෙන් දණ නමනවාටත්, දෙවිගේ තේජස සඳහා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලු දිව්වලින් ප්‍රසිද්ධියේ පිළිගන්නවාටත්’ දෙවි කැමති වූ නිසයි. (ෆිලිප්පි 2:10, 11) වඩාත්ම වැදගත් වන්නේ යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කිරීම මගින් අපි වෙනුවෙන් තම පුත්‍රයාගේ ජීවිතය ලබා දුන් යෙහෝවා දෙවිව මහිමයට පත්වීමයි.—යොහන් 3:16.
කරන්නන් වාලේ කරනවා වෙනුවට අපි යාච්ඤා කළ යුත්තේ ‘මුළු හදවතින්මයි’
යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කිරීමෙන් ඔහුට හිමි වැදගත් කාර්යයන් අවබෝධ කරගන්න පුළුවන්. බයිබලය තුළ ඔහුව විවිධ නම්වලින් හා පදවිවලින් හඳුන්වා තිබෙනවා. යේසුස් කළ දේවලින්, කරමින් සිටින දේවලින් හා කිරීමට නියමිත දේවලින් අපට ලැබෙන ප්‍රයෝජන තේරුම්ගැනීමට එය අපට උපකාරවත් වෙනවා. (“යේසුස්ට හිමි තනතුරු” නමැති කොටුව බලන්න.) ඇත්තෙන්ම “සියලු නාමවලට වඩා උසස් නාමය” * යේසුස්ට ලැබී තිබෙනවා පමණක් නොව ස්වර්ගය හා පොළොව පාලනය කිරීමේ බලයද ඔහුට දී තිබෙනවා.—ෆිලිප්පි 2:9; මතෙව් 28:18.
කරන්නන් වාලේ නොකළ යුතුයි
අපේ යාච්ඤාවලට දෙවි සවන් දෙන්නේ අපි ඒවා යොහන් 14:13, 14) ඒ වුණත් “යේසුස්ගේ නාමයෙන්” යන වචන කණ්ඩය අපි පුරුද්දක් ලෙස කියන්නන් වාලේ කීම සුදුසු නැහැ. ඒ ඇයි?
යේසුස් මාර්ගයෙන් ඉදිරිපත් කළොත් පමණයි. (උදාහරණයකට හිතන්න ඔබට ව්‍යාපාරිකයෙකුගෙන් ලිපියක් ලැබුණා කියා. එහි අවසානයේ “මෙයට විශ්වාසී” ලෙස සඳහන් වෙනවා. ව්‍යාපාරිකයා එම අදහස පළ කළේ අවංකවද? නැත්නම් ව්‍යාපාරික ලිපි ලිවීමේ රීතියක් ලෙසද? ඇත්තෙන්ම අපේ යාච්ඤාවල යේසුස්ගේ නාමය පාවිච්චි කිරීමේදී ව්‍යාපාරිකයෙක් ලිපියක් අවසන් කරන ආකාරයට වඩා එය අර්ථවත් විය යුතුයි. අපි “නොකඩවා යාච්ඤා” කළ යුතු වුණත් එය කරන්නන් වාලේ කරනවා වෙනුවට අපේ ‘මුළු හදවතින්ම’ කළ යුතුයි.—1 තෙසලෝනික 5:17; ගීතාවලිය 119:145.
“යේසුස්ගේ නාමයෙන්” යන වචන පෙළ නිකම්ම අර්ථයක් නැතුව පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට ඔබට හැක්කේ කෙසේද? ඒ සඳහා යේසුස් විදහා පෑ සිත්ගන්නා ගුණාංග ගැන ගැඹුරින් සිතන්න. මේ වන විටත් ඔහු අපි වෙනුවෙන් කර ඇති දේවල් හා ඉදිරියේදී කිරීමට නියමිත දේවල් ගැන කල්පනා කරන්න. යාච්ඤා කරද්දී යෙහෝවා දෙවි තම පුත්‍රයාව අපි වෙනුවෙන් දීම ගැන ඔහුට ප්‍රශංසා කරන්න. එසේ කරද්දී “ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මාගේ නාමයෙන් ඔබට දෙන්නේය” කියා යේසුස් දී තිබෙන පොරොන්දුව ගැන ඔබට තිබෙන විශ්වාසය තව තවත් වැඩි වේවි.—යොහන් 16:23.
^ 14 ඡේ. ග්‍රීක බසින් “නාමය” යන වචනයෙන් ‘අධිකාරිය, ගුණාංග, තනතුර, බලය හා ගෞරවය’ යනාදිය අදහස් වෙන බව එක් ශබ්දකෝෂයක සඳහන් වෙනවා.—Expository Dictionary of New Testament Words.