ජීවිත වෙනස් කළ පොතක්!
ජීවිත වෙනස් කළ පොතක්!
රැකියා ස්ථානයෙන් භාණ්ඩ සොරකම් කරමින් හොර රහසේ කරගෙන ගිය දියමන්ති ජාවාරමකට සම්බන්ධ වී සිටි කාන්තාවකට අවංක කෙනෙක් වීමට හැකි වූයේ කෙසේද? දෙවතාවක්ම දිවි නසාගැනීමට උත්සාහ කළ කාන්තාවකට ජීවිතයේ අරමුණ සොයාගැනීමට උපකාර කළේ කුමක්ද? එමෙන්ම මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට අබ්බැහි වී සිටි තරුණයෙකුට ඉන් මිදීමට හැකි වූයේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඔවුන්ම පැවසූ දේවල් සලකා බලමු.
තොරතුරු
නම: මාග්‍රට් ඩබේර්න්
වයස: 45
රට: බොට්ස්වානා
අතීතයේදී: සොරකම් සහ ජාවාරම්වල හවුල් වුණා
මගේ අතීතය: මගේ තාත්තා ජර්මානු ජාතිකයෙක් වුණත් පස්සේ එයා නැමීබියාවේ පුරවැසිභාවය ලබාගත්තා. මගේ අම්මා නම් ඉපදුණේ බොට්ස්වානාවලයි. මම ඉපදුණේ නැමීබියාවේ ගොබාබිස්වලයි.
දකුණු අප්‍රිකානු රජය විසින් 1970 ගණන්වලදී නැමීබියාව පාලනය කරමින් දැඩි නීති පැනෙව්වා. ඒ නීතිවලට අනුව මගේ දෙමාපියන්ට වෙන් වෙන්න සිදු වුණා. ඒකට හේතුව ඔවුන් දෙදෙනා ජාතීන් දෙකකට අයත් වීමයි. ඒ නිසා මගේ අම්මා මාවයි මගේ මල්ලිලාවයි නංගිලාවයි අරගෙන බොට්ස්වානාවල ගාන්සි නගරයේ පදිංචියට ගියා.
වර්ෂ 1979දී මට බොට්ස්වානාවල ලොබට්සේ නගරයට ගිහින් පාසැල් අධ්‍යාපනය අවසාන වෙන කල් වෙනත් පවුලක් එක්ක ජීවත් වෙන්න සිදු වුණා. ඊටපස්සේ මට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක ලිපිකාරිනියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. පුංචි කාලේ ඉඳලම මම ඉගෙනගෙන තිබුණේ දෙවි අපේ අවශ්‍යතා ඉටු කරන්නේ නැහැ කියලයි. ඒ නිසා හොඳ ක්‍රමයකින් හෝ වැරදි ක්‍රමයකින් අපිම අපේ අවශ්‍යතා ඉටු කරගන්න ඕනේ කියලා මම හිතුවා.
මට රැකියාවේ ලොකු තනතුරක් ලැබිලා තිබුණ නිසා මම ඒකෙන් ප්‍රයෝජන අරන් වාහන අමතර කොටස් හොරකම් කළා. රෑට අපේ නගරය හරහා යන කෝච්චිවලට මායි මගේ යාළුවනුයි නැඟලා ගන්න පුළුවන් හැම දෙයක්ම හොරකම් කළා. ඒ වගේම හොර රහසේ කරගෙන ගිය දියමන්ති, රත්තරන් හා ලෝකඩ ජාවාරමකටත් මම හවුල් වුණා. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කළා වගේම මට පෙම්වතුන් හුඟදෙනෙක්ද හිටියා. ඒ කාලේදී මම හැසිරුණේ හරිම දරුණු විදිහටයි.
කොහොමවුණත් 1993දී මම හොරකම් කරලා අහු වුණා. ඒකෙන් මට මගේ රැකියාවත් නැති වුණා. මගේ යහළුවන් භය වුණා ඒගොල්ලන්වත් අහු වෙයි කියලා. ඒ නිසා ඒ අය මාව අතහැරියා. ඒකෙන් මගේ හිත හුඟක් රිදුණා. එදා ඉඳන් මම හිතාගත්තා ආයේ කිසිම කෙනෙකුව විශ්වාස කරන්නේ නැහැ කියලා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: වර්ෂ 1994දී මට ටිම් සහ වර්ජිනියා කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යුවළව මුණගැසුණා. මම අලුතින් රැකියාව කරමින් හිටපු ස්ථානයට ඒගොල්ලන් ඇවිත් කෑම පැයේදී මට බයිබලය ගැන කියලා දුන්නා. පස්සේ මට තේරුණා මේ දෙන්නා
හරිම විශ්වාසවන්තයි කියලා. ඒ නිසා මම ඒ අයට කිව්වා බයිබලය ගැන කියලා දෙන්න මගේ ගෙදරට එන්න කියලා.වැඩි කල් යන්න කලින් මම තේරුම්ගත්තා යෙහෝවා දෙවිව සතුටට පත් කරන ආකාරයෙන් ජීවත් වෙන්න නම් මම මගේ ජීවිතයේ යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා. බයිබලයේ 1 කොරින්ති 6:9, 10හි කියන විදිහට ‘වේශ්‍යාකම් කරන්නන්ටවත්, සොරුන්ටවත්, ගිජුකමක් ඇති අයටවත්, බේබද්දන්ටවත්, නිග්‍රහ කරන්නන්ටවත්, අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නන්ටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ’ කියලා මම ඉගෙනගත්තා. ඒ නිසා මම මගේ නරක පුරුදු එකින් එක අත්හැරියා. සොරකම් කරන එකත් කල්ලි සාමාජිකයන්ව ආශ්‍රය කරන එකත් නතර කළා. ඊටපස්සේ යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මගේ පෙම්වතුන් එක්ක තිබුණ සම්බන්ධයනුත් මම නතර කරලා දැම්මා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම මගේ කේන්තිය පාලනය කරගන්න දැන් ඉගෙනගෙන තියෙනවා. මගේ ළමයි අතින් වරදක් වුණොත් මම ඒ අයට කෑගහලා බණින්නෙත් නැහැ. (එෆීස 4:31) ඒ වගේම පවුල තුළ මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒකත් සාමකාමීව විසඳගන්න උත්සාහ කරනවා. ඒ නිසා දැන් පවුලක් හැටියට අපි අතර හොඳ බැඳීමක් තියෙනවා.
මගේ පරණ යහළුවන් සහ අසල්වාසීන් දැන් මගේ දිහා බලන්නේ විශ්වාසවන්ත කෙනෙක් විදිහටයි. මම දැන් රැකියාව කරන තැන මුදල් සහ වෙනත් වටිනා දේවල් සැලකිලිමත්ව පරිහරණය කරනවා. ඒ වගේම මම අන් අයට බයිබලය ගැන ඉගෙනගන්න මගේ කාලය යොදවන නිසා ඒකෙන් මමත් ප්‍රයෝජන ලබනවා. බයිබලයේ හිතෝපදේශ 10:22හි [NW] කියන දේ සත්‍යයක් බව මම දැන් අද්දකිනවා. ඒකේ සඳහන් වෙන්නේ මෙයයි. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.”
තොරතුරු
නම: ග්ලෝරියා එලිසරාරස් ඩි චොපෙරේනා
වයස: 37
රට: මෙක්සිකෝව
අතීතයේදී: දිවි නසාගැනීමට උත්සාහ කළා
මගේ අතීතය: මම හැදී වැඩුණේ මෙක්සිකෝවේ දියුණු ප්‍රදේශයකයි. පුංචි කාලේ ඉඳලම මම හුඟක් දඩබ්බරයි. මම දුම්පානය කරන්න පටන්ගත්තේ අවුරුදු 12දීයි. අවුරුදු 14 වෙනකොට මම මත්පැන් බොන්න පටන්ගත්තා. අවුරුදු 16දී මම මත්ද්‍රව්‍ය පාවිච්චියටත් හුරු වුණා. ඒ කාලේ මම සාදවලට යන්න හරිම ආසයි. තරුණ කාලෙම මම ගෙදර අතහැරලා ගියා. මම ආශ්‍රය කරපු හුඟක් යහළුවන් පොඩි කාලේ ඉඳලා මානසිකව නැත්නම් ශාරීරිකව අන් අය අතින් පීඩා විඳලා තිබුණා. මගේ ජීවිතයට කිසිම අරමුණක් තිබුණේ නැති නිසයි මම දෙපාරක්ම දිවි නසාගන්න උත්සාහ කළේ.
අවුරුදු 19දී මම නිරූපිකාවක් හැටියට වැඩ කළා. ඒ නිසා දේශපාලනයට සම්බන්ධ අය ඇතුළු වෙනත් ප්‍රසිද්ධ අයව ළඟින් ආශ්‍රය කරන්න මට අවස්ථාව ලැබුණා. මගේ ජීවිතය හරිම කාර්යබහුල එකක්. පසු කාලයේදී මම විවාහ වුණා. අපිට දරුවනුත් ලැබුණා. මම තමයි පවුලේ හැම කාරණයක් ගැනම තීරණ ගත්තේ. මත්පැන් සහ දුම්පානය මම නතර කළේ නැහැ. මගේ කටින් නිතරම නරක වචන පිට වුණා. අසභ්‍ය විහිළුවලටත් මම හුඟක් ප්‍රිය කළා. ඒ වගේම පොඩි දේටත් මට කේන්ති ගියා.
මම ආශ්‍රය කළ අයත් මං වගේමයි. ඒ අය නිතරම හිතුවේ මම හරිම සාර්ථක ජීවිතයක් ගත කරනවා කියලයි. ඒත් මගේ ජීවිතයට ලොකු අඩුවක් තියෙනවා කියලා මට දැනුණා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම 1998දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න
පටන්ගත්තා. එදා ඉඳන් මම තේරුම්ගත්තා ජීවිතයට අරමුණක් තියෙනවා කියලා. යෙහෝවා දෙවි අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් කරලා මිය ගිය අයව නැවත නැඟිටුවන බව මම බයිබලයෙන් ඉගෙනගත්තා. ඒ ප්‍රීතිමත් කාලයේ මටත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලත් මම දැනගත්තා.යෙහෝවා දෙවිට අපේ ප්‍රේමය පෙන්විය හැකි හොඳම ක්‍රමය ඔහුට කීකරු වීම බව මට වැටහුණා. (1 යොහන් 5:3) ඒ වුණත් මම පුංචි කාලේ ඉඳලම කාටවත් කීකරු වුණේ නැති නිසා එහෙම කරන එක මට ලෙහෙසි දෙයක් වුණේ නැහැ. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නැතුව මට මගේ ජීවිතය සාර්ථක කරගන්න බැහැ කියලා මම තේරුම්ගත්තා. (යෙරෙමියා 10:23) ඒ නිසා මට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඒ වගේම දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් මගේ දරුවන්වත් එම ප්‍රමිතිවලට එකඟව හදා වඩා ගන්න උපකාර කරන්න කියලත් මම දෙවිට යාච්ඤා කළා.
ජීවිතයේ වෙනස්කම් කරන එක ලෙහෙසි දෙයක් නොවුණත් මම බයිබලයේ එෆීස 4:22-24හි තියෙන උපදෙස් අදාළ කරගන්න උත්සාහ කළා. ඒ පදවල සඳහන් වෙන්නේ ‘ඔබේ කලින් හැසිරීම් රටාවට ආවේණික මුළා කරවනසුලු ආශාවලින් දූෂ්‍ය වන්නාවූ පරණ පෞද්ගලිකත්වය අහක දමා සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න’ කියලයි. පරණ පෞද්ගලිකත්වය අහක දැමීමට නම් දුම්පානය සහ නරක වචන භාවිත කිරීම වැනි දේවල් මම අත්හැරිය යුතු බව මට වැටහුණා. අවුරුදු තුනකට විතර පස්සේ මම නරක පුරුදු අත්හැරියා. ඒ නිසා යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න මට පුළුවන් වුණා.
භාර්යාවක් ලෙසත් මවක් ලෙසත් පවුල තුළ මගේ වගකීම් ගැන මම බැරෑරුම්ව හිතන්න පුරුදු වුණා. විශේෂයෙන්ම බයිබලයේ 1 පේතෘස් 3:1, 2හි සඳහන් මේ උපදෙස මගේ හිතට තදින්ම කාවැදුණා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එමගින්, ඔවුන්ගෙන් සමහරෙකු වචනයට කීකරු නොවී සිටියත්, වචනයක්වත් නොපවසා ඔබේ හැසිරීම මාර්ගයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය දකින්නෝය.”
මා ප්‍රයෝජන ලැබූ අයුරු: ජීවිතයට අරමුණක් තියෙනවා කියලා දැනගන්න ලැබුණු එක ගැන මම යෙහෝවා දෙවිට ස්තුති කරනවා. මම දැන් ඉස්සරට වඩා වෙනස් නිසා මගේ දරුවන්ව හොඳින් හදා වඩා ගන්න මට පුළුවන් වෙලා තියෙනවා. කලින් කරපු වැරදි ගැන සමහර අවස්ථාවලදී මගේ හිත මට දොස් නඟනවා. ඒ වුණත් යෙහෝවා දෙවි මටත් වඩා හොඳින් මගේ හිතේ තියෙන දේවල් දන්නා බව දැන සිටීම මට ලොකු සහනයක්. (1 යොහන් 3:19, 20) බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වූ නිසා මගේ ජීවිතය බේරුණා. මම දැන් ජීවත් වෙන්නේ හරිම සතුටින්.
තොරතුරු
නම: ජේල්සන් කොරේයා ඩි ඔලිවේරා
වයස: 33
රට: බ්‍රසීලය
අතීතයේදී: මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කෙනෙක්
මගේ අතීතය: මම ඉපදුණේ බ්‍රසීලයේ බාසේ නගරයේයි. මෙය පිහිටා තිබෙන්නේ බ්‍රසීලය සහ උරුගුවේ දේශ සීමාවට යාබදවයි. මේ නගරයේ 1,00,000ක් පමණ මිනිසුන් ජීවත් වෙනවා. ඔවුන්ගේ ප්‍රධානම ජීවනෝපාය කෘෂිකර්මාන්තය සහ ගවයන් ඇති කිරීමයි. මම ජීවත් වුණ ප්‍රදේශයේ හුඟක් දිලිඳු අය හිටියා. එහේ හුඟක් කල්ලි සාමාජිකයන් හිටිය නිසා ප්‍රචණ්ඩකාරී දේවල් නිතරම වගේ සිද්ධ වුණා. තරුණ අය පවා මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා.
මම පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ මත්පැන් පානය කරන්නත් මරිජුවානා භාවිත කරන්නත් පටන්ගත්තා. ඒ වගේම නුසුදුසු අදහස් තියෙන හෙවි මෙට්ල් රොක් සංගීතයටත් මම සවන් දුන්නා. මම දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. දෙවි කෙනෙක් ඉන්නවා
නම් ලෝකයේ මෙතරම් දුක්ඛිත දේවල් සිදු වෙන්න විදිහක් නැහැ කියලා මම හිතුවා.මම ගිටාර් වාදන ශිල්පියෙක් වගේම ගීත රචකයෙක්. මම හුඟක් වෙලාවට මගේ ගීතවලට පද මාලා හදන්න යොදාගත්තේ බයිබලයේ එළිදරව් පොතේ තියෙන අදහස්. මගේ සංගීත කණ්ඩායම හිතපු තරම් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මම කලකිරිලා සැර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන්ගත්තා. මගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන් කියලා මම දැනගෙන හිටියත් ඒ ගැන මම සැලකිලිමත් වුණේ නැහැ. ඇත්තෙන්ම මම දේවත්වයෙන් සලකපු සමහර ගායකයනුත් ඒ විදිහට මත්ද්‍රව්‍ය අරන් මිය ගිහින් තියෙනවා.
මම මත්ද්‍රව්‍ය ගන්න සල්ලි ඉල්ලගත්තේ මගේ ආච්චිගෙන්. සල්ලි මොකටද කියලා එයා මගෙන් ඇහුවම මම එයාට මොකක් හරි බොරුවක් කියනවා. ඊට අමතරව මම භූතයන් හා සම්බන්ධ මායාබන්ධන දේවලටත් හවුල් වුණා. මම එහෙම කළේ අර්ථවත් ගීත ලියන්න ඒක මට උදව් වෙයි කියලා හිතාගෙනයි.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම බයිබලය පාඩම් කරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තට පස්සේ මගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා. ජීවිතය සතුටින් ගත කරන්න මට ලොකු ආශාවක් ඇති වුණා. මම තීරණය කළා මගේ දිග කොණ්ඩේ කපන්න. යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් බේබදුකමෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ කියලා මට තේරුණා. ඒ විතරක් නෙවෙයි මම මෙතෙක් කල් රස වින්ද පහත් සංගීතය අත්හරින්නත් මම තීරණය කළා.
සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන රාජ්‍ය ශාලාවට ගිය මුල්ම දවසේ හිතෝපදේශ 3:5, 6හි සඳහන් මේ වදන් ශාලාවේ ඇතුල් බිත්තියක සඳහන් කරලා තියෙනවා මම දැක්කා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” (නව ලොව පරිවර්තනය, NW) ඒ පදය ගැන හිතද්දී මට තේරුණා යෙහෝවා දෙවිගේ උපකාරයෙන් මට මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් කියලා.
කොහොමනමුත් මගේ පරණ පුරුදු අත්හරින එක එච්චර ලෙහෙසි දෙයක් වුණේ නැහැ. (මතෙව් 18:8, 9) මම ටිකෙන් ටික මේ පුරුදු අත්හරින්න උත්සාහ කළොත් මට කවදාවත් ඒක කරන්න ලැබෙන්නේ නැහැ කියලා මම තේරුම්ගත්තා. ඒ නිසා එක පාරටම මේ පුරුදු නවත්වන්න මම පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි මාව වැරදි දේවලට පොලඹවන යාළුවන්ව ඇසුරු කරන එකත් නුසුදුසු තැන්වලට යන එකත් නතර කළා.
කලකිරෙන දේවල් ගැන හිතනවා වෙනුවට මම අත් කරගෙන තියෙන හොඳ දේවල් ගැන හිතන්න උත්සාහ කළා. දෙවිගේ කැමැත්තට එකඟව ඔහුට නමස්කාර කරමින් ශාරීරිකව හා සදාචාරමය අතින් පිරිසිදුව සිටීම ලොකු ගෞරවයක් විදිහටයි මම සැලකුවේ. ඒකට හේතුව ඒකෙන් මට පුළුවන් වෙනවා දෙවිගේ අනුමැතිය ලබාගන්න. මම නිතරම දෙවිට යාච්ඤා කරලා කිව්වා අතීතය ගැන හිතන්නේ නැතුව ඉදිරිය බලලා වැඩ කරන්න මට උදව් කරන්න කියලා. ඒ වගේම දෙවි මට උදව් කළා. මම පරණ පුරුදු අත්හැරියට ආපහු ඒ දේවල් කරපු අවස්ථාවනුත් තිබුණා. ඒ වගේම මම ඉස්සර හුඟක් මත්පැන් පානය කළ නිසා සමහර අවස්ථාවල ඒකේ නරක ප්‍රතිඵල අද්දකිනවා. ඒ මොනවාවුණත් මට බයිබලය ගැන උගන්වන්න ආපු කෙනා එක්ක බයිබලය පාඩම් කරන එක මම අතපසු කළේ නැහැ.
දෙවි අපි එක් එක්කෙනා ගැන සැලකිල්ල දක්වනවා කියලත් ඉදිරියේදී අසත්‍ය උගන්වන ආගම් ඔහු විනාශ කරනවා කියලත් අද දින ලොව පුරා සිදු වන දේශනා සේවයට ඔහු උපකාර කරනවා කියලත් මම බයිබලයෙන් දැනගත්තා. (මතෙව් 7:21-23; 24:14; 1 පේතෘස් 5:6, 7) ඒ සෑම දෙයක්ම ඇත්ත කියලා මට අවබෝධ වුණා. දෙවි මං වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක්ම අගය කරන්න ඕනේ නිසා මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න මම තීරණය කළා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු: දැන් මගේ ජීවිතයට අර්ථයක් මෙන්ම බලාපොරොත්තුවක්ද ලැබිලා තියෙනවා. (දේශනාකාරයා 12:13) ඉස්සර වගේ මම මගේ පවුලේ අයට දැන් කරදරයක් නෙවෙයි. මම බයිබලයෙන් ඉගෙනගත් වටිනා දේවල් මගේ ආච්චිටත් කියලා දුන්නා. ඒ නිසා ආච්චිත් යෙහෝවා දෙවිට ඇගේ ජීවිතය කැප කරලා බව්තීස්ම වුණා. ඒ වගේම මගේ පවුලේ තවත් කිහිපදෙනෙකුත් මගේ පරණ සංගීත කණ්ඩායමේ යාළුවෙකුත් බව්තීස්ම වෙලා දැන් දෙවිට සේවය කරනවා.
මම දැන් විවාහකයි. මායි මගේ බිරිඳයි වැඩිපුර කාලය වැය කරලා අන් අයට බයිබලයේ තියෙන දේවල් උගන්වනවා. ‘මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කළ’ නිසා මම හුඟක් ප්‍රයෝජන අද්දකිනවා.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ජීවිතය සතුටින් ගත කරන්න මට ලොකු ආශාවක් ඇති වුණා”