Skip to content

පටුනට යන්න

අලුත් හෙටක් උදා වෙයිද?

අලුත් හෙටක් උදා වෙයිද?

අලුත් හෙටක් උදා වෙයිද?

‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙනවා.’—2 තිමෝති 3:1.

මෙවන් පුවත් ඔබත් අසා තිබෙනවාද?

● දහස් ගණනකට දිවි අහිමි කළ මාරාන්තික වසංගතයක්!

● සිය දහස් ගණනකට මරු කැඳවූ සාගතයක්!

● බොහෝදෙනෙකුට උන් හිටි තැන් අහිමි කරමින් ලක්ෂ සංඛ්‍යාවකගේ ජීවිත බිලි ගත් භූමිකම්පාවක්!

මේ කාලයේදී ලොව පුරා සිදු වන එවන් දේවල් ගැන මෙම ලිපි පෙළේ සඳහන් වෙනවා. මේ “අවසාන කාලයේදී” ඒවා සිදු වෙන බව බයිබලයේ සඳහන් කර තිබෙන්නේ බොහෝ කාලයකට ඉහතදී බවත් මේ ලිපි පෙළේ විස්තර කර තිබෙනවා. *

මෙම ලිපි පෙළ සකස් කර තිබෙන්නේ අපි දුක් කන්දරාවලින් පිරුණු ලොවක ජීවත් වෙන බව පෙන්වීමට නොවෙයි. ඒ වෙනුවට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඇති කිරීමටයි. මේ ‘අවසාන කාලය’ ළඟදීම පහ වී යන බවට සාක්ෂි සපයන අනාවැකි හයක් දැන් ඉටු වෙමින් පවතින ආකාරය හා ඒ සම්බන්ධයෙන් තිබෙන පොදු මත ගැන මෙහි විස්තර කර තිබෙනවා. අනාගතයේදී මිනිස් වර්ගයාට ප්‍රීතිමත් කාලයක් උදා වෙන බව විශ්වාස කිරීමට තිබෙන පදනම ගැන මෙම ලිපි පෙළෙන් ඔබට දැනගත හැකියි.

[පාදසටහන]

^ 7 ඡේ. අයහපත් දේවල් සිදු වීමට දෙවි ඉඩහැර තිබෙන හේතුව ගැන දැනගැනීමට මෙම සඟරාවේ 16වන හා 17වන පිටුවල සඳහන් “දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?” යන ලිපිය බලන්න.