ඔබේ දරුවන්ට උගන්වන්න
අපි අවදිව සිටිය යුතුයි
හොඳින් ඉගෙනගන්න එක වැදගත් කියලා ඔයා දන්නවා. ඒත් සමහර අවස්ථාවලදී පන්ති කාමරයේ ඉන්න කොට ඔයාට නිදිමත දැනිලා ඇති. හැබැයි හොඳින් ඉගෙනගන්න නම් අවදිව ඉන්න ඕනේ කියලත් ඔයා දන්නවා. සමහරවිට ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් යනවා ඇති. එතැනදීත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න නම් අවදි වෙලා ඉන්න ඕනේ. ඒ නිසා අවදිව ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද කියලා අපි බලමු.
ඔයා හිතන විදිහට අවදිව ඉන්න මොනවාද කරන්න පුළුවන්?— * ගොඩක් රෑ වෙනකම් ඉන්නේ නැතුව කලින්ම නිදාගන්න. ඒ වගේම දවල්ට ටික වෙලාවක් නිදාගන්න එකත් උදව්වක් වෙයි. යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් කතාවක් දෙන අතරතුරේදී නින්ද ගිය ළමයෙක් ගැන බයිබලයේ ක්‍රියා 20:7 සිට 12 දක්වා සඳහන් වෙනවා. එම සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් අපි බලමු.
ඒ වෙද්දී පාවුල් හිටියේ ත්‍රෝවසයේ තිබුණු සභාවකයි. එයා ඊළඟ දවසේදී එහෙන් පිට වෙන්නයි හිටියේ. ඒ නිසා එදා එයා හුඟක් රෑ වෙනකම් කතාවක් දුන්නා. ‘පාවුල් තම කතාව ඉදිරිපත් කරද්දී ජනේලය මත යුතිකස් නම් තරුණයෙක් ඉඳගෙන හිටියා. ඔහු තද නින්දකට වැටුණා.’ ඊට පස්සේ මොකද වුණේ?—
යුතිකස් “දෙවෙනි මහලේ ජනේලයෙන් පහතට වැටුණා.” ඒ එක්කම පාවුල් සහ අනිත් අය ඉක්මනින්ම පහළට දුවගෙන ගියා. යුතිකස් මැරිලා කියලා ඒ අය දැක්කා. ඒ වෙලාවේ එයාලට හැඟුණු විදිහ ඔයාට හිතාගන්න පුළුවන්ද?— පාවුල් යුතිකස්ව බදාගෙන මෙහෙම කිව්වා. ‘දැන් කලබල වෙන්න එපා. ඔහු ජීවත් වෙනවා!’ දෙවි, යුතිකස්ව නැවත නැඟිට්ටෙව්වා!
යුතිකස්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?— යෞවනයන් ඇතුළු මිය ගිය ඕනෑම කෙනෙකුව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන්. ඔබේ දෙමාපියන්ට වඩා යෙහෝවා දෙවි ඔබ ගැන දන්න බවත් ඔබව තේරුම්ගන්න බවත් මතක තියාගන්න. තම පියාණන් මොන වගේ කෙනෙක්ද කියලා යේසුස් මේ පොළොව මත හිටිය කාලයේදී පැහැදිලි කළා. ඔහු පොඩි ළමයින්ව වඩාගෙන ඔවුන්ට ආශීර්වාද කළා. ඒ වගේම වයස අවුරුදු 12ක ගැහැනු ළමයෙක්වත් තවත් යෞවනයන්වත් ඔහු නැවත නැඟිට්ටෙව්වා.
යෙහෝවා දෙවි ඔයාට ආදරෙයි කියලා ඔයා දන්න නිසා ඔයා මොනවාද කරන්නේ?— යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නත් ඔහුට කීකරු වෙන්නත් ඔයා පෙලඹෙනවා. අපි දෙවිට ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?— එක ක්‍රමයක් තමයි ඒ බව දෙවිට පැවසීම. යේසුස් පවා එක අවස්ථාවකදී කිව්වා ‘මම පියාණන්ට ප්‍රේම කරනවා’ කියලා. ඒ වගේම යේසුස් දෙවිට ප්‍රේම කරන බව ක්‍රියාවෙනුත් පෙන්නුවා.
යේසුස්, යෙහෝවා දෙවිට කීකරු වුණා. ඔහුගේ ‘එකම ආශාව වුණේ දෙවිට ප්‍රසන්න දේවල් කිරීමයි.’ අපේ ආශාව වෙන්න ඕනෙත් ඒ දේමයි. අපි යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍රයා වන යේසුස්ටත් ප්‍රේම කරනවා නම් අවදිව ඉන්න ඕන හැම වෙලාවකම අවදියෙන් ඉන්න අපි උපරිමයෙන් වෑයම් කරනවා.
බයිබලයෙන් කියවා බලන්න
^ 4 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.