ආබ්‍රහම් විශ්වාසවන්තව සිටියා
ආබ්‍රහම් විශ්වාසවන්තව සිටියා
දිනක් තරු පිරුණු අහස දෙස ආබ්‍රහම් බලා සිටියා. තමන්ගෙන් විශාල ජාතියක් බිහි වීමට සලස්වන බවට දෙවි ලබා දුන් පොරොන්දුව ඒ අවස්ථාවේදී ඔහුට සිහි වෙන්න ඇති. (උත්පත්ති 15:5) ඉමක් කොනක් නොපෙනෙන විශ්වය නිර්මාණය කළ යෙහෝවා දෙවිට මහලු වියේ පසු වූ ආබ්‍රහම්ට සහ සාරාට පුත්‍රයෙකුව ලබා දිය නොහැකිද? ආබ්‍රහම්ට නම් ඒ ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. තරු පිරුණු අහස දෙස බලන සෑම වතාවකදීම ඔහුට ඒ පොරොන්දුව සිහි වන්නට ඇති. දෙවිට එසේ කළ හැකි බවට ඔහු තුළ නොසැලෙන විශ්වාසයක් තිබුණා.
විශ්වාසවන්තව සිටින කෙනෙක්: විශ්වාසය යනු යම් දෙයක් ඇසට නොපෙනුනත් එය පවතින බවට සාක්ෂි තිබෙන නිසා එය පිළිගැනීමයි. දෙවිට විශ්වාසවන්තව සිටින කෙනෙක් ඔහු දී තිබෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වන බව විශ්වාස කරනවා. ඒ සඳහා පැහැදිලි සාක්ෂි තිබෙන නිසා ඒවා ගැන ඔහුට කිසිම සැකයක් නැහැ.
ආබ්‍රහම් විශ්වාසවන්තකම පෙන්වූ ආකාර: දෙවි ලබා දුන් පොරොන්දු ගැන ආබ්‍රහම්ට කිසි සැකයක් තිබුණේ නැති බව ඔහු ජීවත් වූ අයුරින් පෙන්නුම් කළා. තමන් හැදී වැඩුණු නගරය අත්හැර වෙනත් නගරයකට යන්න කියා දෙවි ඔහුට පැවසූ විට ඊට කීකරු වීමට ඔහු අදිමදි කළේ නැහැ. ඒ වගේම කානාන් දේශය තමන්ගෙන් පැවතෙන්නන්ට උරුම කර දෙන බවට දෙවි දී තිබූ පොරොන්දුව ඔහු විශ්වාස කළා. තමන්ගේ එකම පුත්‍රයා වූ ඊසාක්ව පූජා කරන්න කියා දෙවි පැවසූ විට ඔහු ඒ දේට එකඟ වුණා. අවශ්‍ය නම් ඊසාක්ව නැවත නැඟිටවීමට දෙවිට හැකි බව ඔහු විශ්වාස කළා.—හෙබ්‍රෙව් 11:8, 9, 17-19.
ආබ්‍රහම් කිසිම අවස්ථාවකදී අතීතය ගැන සිතමින් කනස්සලු වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු පූර්ණ අවධානය යොමු කළේ අනාගතයේදී සිදු වීමට නියමිත දේවල් ගැනයි. ඌර් දේශයේදී ඔහු සැප පහසු ජීවිතයක් ගත කළා විය හැකි වුණත් හෙබ්‍රෙව් 11:15) අනාගතයේදී තමාට සහ තමාගෙන් පැවතෙන අයට දෙවි ලබා දීමට නියමිත ආශීර්වාද ගැන ඔහු කල්පනා කළා.—හෙබ්‍රෙව් 11:16.
ඔහු ‘ඒ ගැන සිතමින් ළත වුණේ නැහැ.’ (දෙවි, ආබ්‍රහම්ට ලබා දුන් සෑම පොරොන්දුවක්ම ඒ අයුරින්ම ඉටු කළා. දෙවි පැවසූ ලෙසම ආබ්‍රහම් තුළින් විශාල ජාතියක් බිහි වුණා. ඒ ඊශ්‍රායෙල් ජාතියයි. දෙවි, ආබ්‍රහම්ට ලබා දෙන බවට පොරොන්දු වූ කානාන් දේශයේ ඔවුන් වාසය කළා.—යොෂුවා 11:23.
අපට ගත හැකි පාඩම්: දෙවි දී තිබෙන පොරොන්දු ගැන අපට පූර්ණ විශ්වාසයක් තබාගත හැකියි. ඇතැම් පොරොන්දු කෙසේ ඉටු වෙයිද කියා අපට සිතාගැනීමට නොහැකි වුණත් “දෙවිට සියල්ල කළ හැකි” නිසා ඒ දේවල් සැක කිරීමට අපට කිසිම හේතුවක් නැහැ.—මතෙව් 19:26.
අපිත් ආබ්‍රහම් මෙන් අනාගතයේදී ලැබීමට නියමිත ආශීර්වාද ගැන පූර්ණ අවධානය දෙමු. අසනීපයක් නිසා ඔත්පළ වූ ජේසන් ඒ දේ කිරීමට ඉගෙනගත්තා. නමුත් සමහර වෙලාවට අතීතයේදී ඔහු ආශාවෙන් කළ දේවල් ඔහුට සිහිගැන්වෙනවා කියා ඔහු පැවසුවා.
කොහොමවුණත් ඔහු ඒ දේවල් ගැන ළත වෙනවා වෙනුවට දෙවි දී තිබෙන පොරොන්දු කෙරෙහි ඔහුගේ පූර්ණ අවධානය දුන්නා. උදාහරණයකට, අනාගතයේදී දෙවි මුළු පොළොවම පාරාදීසයක් කරන බවටත් ඒ කාලයේදී නිරෝගී සෞඛ්‍යයක් ඇතුව ප්‍රීතියෙන් සදහටම ජීවත් වීමට හැකි වන බවටත් දෙවි දී ඇති පොරොන්දු ගැන ඔහු විශ්වාස කළා. * (ගීතාවලිය 37:10, 11, 29; යෙසායා 35:5, 6; එළිදරව් 21:3, 4) ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “ඒ කාලය එනකම් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එදාට දුකට හේතු වන කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ.” දෙවිට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් ඔහුත් මොන තරම් කදිම ආදර්ශයක්ද!
[පාදසටහන]
^ 9 ඡේ. පාරාදීසය සම්බන්ධයෙන් දී තිබෙන පොරොන්දුව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3, 7 සහ 8වෙනි පරිච්ඡේද බලන්න.