Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දෙවියන්ගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්ද?

දෙවියන් ඔබෙන් ඉල්ලන දේ ඔබ කරනවාද?

දෙවියන් ඔබෙන් ඉල්ලන දේ ඔබ කරනවාද?

“ඔයා කැමති ඕනම දෙයක් කියන්න මම ඒක කරලා දෙන්නම්.” අඳුරන්නේ නැති කෙනෙක්ට ඔබ කවදාවත් එහෙම කියන එකක් නැහැ. හැබැයි හොඳ යාළුවෙක්ට නම් ඔබ එහෙම කියයි. මොකද කිට්ටු මිතුරෙක් අනිත් කෙනාගේ ඉල්ලීම අහක දාන්නේ නැහැ.

යෙහෝවා දෙවියන් තමන්ට නමස්කාර කරන අයගේ සතුට වෙනුවෙන් දේවල් කරනවා කියලා බයිබලයේ කියනවා. උදාහරණයකට, දෙවියන්ව කිට්ටු මිතුරෙක් කරගෙන හිටිය දාවිත් රජ මෙහෙම කිව්වා. “යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය. . . . ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.” (ගීතාවලිය 40:5) යෙහෝවා දෙවියන් ඔහුව දන්නේ නැති අයට වුණත් ‘කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙන්’ යහපත් දේවල් කරනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 14:17.

අපි ආදරය කරන, ගෞරව කරන අය වෙනුවෙන් අපි දේවල් කරන්නේ සතුටින්

යෙහෝවා දෙවියන් අනිත් අයගේ සතුට වෙනුවෙන් දේවල් කරන නිසා ඔහුගේ මිතුරන් වෙන්න කැමති අයත් ඔහුගේ ‘සිත සතුටු කරයි’ කියලා බලාපොරොත්තු වෙන එක සාධාරණයි. (හිතෝපදේශ 27:11) දෙවියන්ගේ සිත සතුටු කරන්න ඔබට පුළුවන් කොහොමද? බයිබලයේ කියන්නේ “යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න” කියලයි. (හෙබ්‍රෙව් 13:16) යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ඒක විතරක් ඇතිද?

‘දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක’ කියලා බයිබලයේ කියනවා. (හෙබ්‍රෙව් 11:6) ‘ආබ්‍රහම් යෙහෝවා දෙවිව විශ්වාස කළාට’ පස්සෙයි ඔහුව “යෙහෝවා දෙවිගේ මිත්‍රයා” කියලා හැඳින්නුවේ. (යාකොබ් 2:23) ඒ වගේම යේසුස් කිව්වෙත් දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න ඕන නම් “දෙවි කෙරෙහි විශ්වාසය තබන්න” ඕන කියලයි. (යොහන් 14:1) යෙහෝවා දෙවියන් ඔහුගේ මිතුරන් කරගන්නේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තියාගන්න අයවයි. ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න ඔබ මොනවද කරන්න ඕනේ? බයිබලය නිතිපතා අධ්‍යයනය කරන්න. එහෙම කරද්දී ‘දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක් ඔබට ලැබෙයි.’ ඒ වගේම ‘යෙහෝවා දෙවිව සියල්ලේදී සතුටු කරන’ විදිහ ඔබ ඉගෙනගනියි. යෙහෝවා දෙවියන් ගැන ඔබේ නිවැරදි දැනුම වැඩි වෙද්දිත් ඔබ බයිබලයෙන් ඉගෙනගන්න ධර්මිෂ්ඨ ප්‍රමිති අදාළ කරගනිද්දිත් ඔහු කෙරෙහි තියෙන ඔබේ විශ්වාසය වැඩි වෙයි. එතකොට ඔහු ඔබේ කිට්ටු මිතුරා වෙයි.—කොලොස්සි 1:9, 10.