සෝදිසියෙන් ඉන්න!
දේශගුණික විපර්යාස නවත්වන්න ලෝක පාලකයන්ට පුළුවන් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
2022 නොවැම්බර් 20වෙනි ඉරිදා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව (COP27) අවසන් වුණා. ඒකෙදී ලෝක නායකයන් කතා වුණා දේශගුණික විපර්යාස නිසා පීඩාවට පත් වෙන රටවල්වලට මූල්‍යමය ආධාර දෙන්න ඕනෙ කියලා. හැබැයි හුඟදෙනෙක්ගේ අදහස වුණේ මේ ප්‍රශ්නෙට නියම විසඳුම ඒක නෙවෙයි කියන එකයි.
“ඒ වගේ රටවල් වෙනුවෙන් යම් අරමුදලක් වෙන් කරන එකට මං එක පයින්ම කැමතියි. හැබැයි මේ ප්‍රශ්නේ ඒකෙන් විසඳෙන්නේ නෑ. මොකද අපේ පෘථිවිය තාමත් තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ.”—ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, 2022 නොවැම්බර් 19.
“මේ විදිහට දිගටම දේශගුණික විපර්යාස සිද්ධ වුණොත් පෘථිවිය මහා විනාශයකින් තමයි කෙළවර වෙන්නේ.”—මේරි රොබින්සන්, අයර්ලන්තයේ හිටපු ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්, 2022 නොවැම්බර් 20.
පෘථිවියේ අනාගතය ගැන අපේ තරුණ තරුණියන් තමයි වැඩියෙන්ම වධ වෙන්නේ. මුළු ලෝකෙම ඉන්න පාලකයන් එකට එකතු වුණොත් මේකට විසඳුමක් ගේන්න පුළුවන් වෙයිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
පාලකයන් සාර්ථක වෙයිද?
බයිබලේ කියනවා මුළු ලෝකෙම පාලකයන් මේ ප්‍රශ්නේ වෙනුවෙන් අවංකවම ඇපකැප වුණත් එයාලට මේකට සම්පූර්ණ විසඳුමක් ගේන්න බැහැ කියලා. ඇයි එහෙම කියන්නේ?
‘ඇද දෙයක් කෙළින් කරන්න බැහැ.’—දේශනාකාරයා 1:15.
තේරුම: ලෝක පාලකයන්ට කරන්න පුළුවන් දේවල් සීමිතයි. මොකද බයිබලේ කියනවා මිනිස්සුන්ට මිනිස්සුන්ව පාලනය කරන්න හැකියාවක් නැහැ කියලා. (යෙරෙමියා 10:23) මේ මුළු ලෝකෙම ඉන්න නායකයන් එකට එකතු වුණත්, එයාලා මේ ප්‍රශ්නේ විසඳන්න කොච්චර දහඩිය මහන්සිය හෙළුවත් එයාලට මේකට ස්ථිර විසඳුමක් ගේන්න බැහැ.
‘මිනිස්සු තමන් ගැනම හිතනවා, මුදලට ලොල් වී සිටිනවා, කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැහැ.’—2 තිමෝති 3:2, 3.
තේරුම: බයිබලේ කලින්ම කියලා තිබ්බා මේ කාලේ ඉන්න මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි කියලා. ඒ වගේම අනිත් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන්න හැමෝම කැමති වෙන්නේ නැහැ කියලා.
බලාපොරොත්තුවක සේයාවක්!
ඇත්තටම මේ පෘථිවියේ අනාගතය රැඳිලා තියෙන්නේ මේ ලෝකේ පාලකයන්ගේ අතේ නෙවෙයි. ඒ වෙනුවට බයිබලේ කියනවා මේ පොළොව පාලනය කරන්න සුදුසුම පාලකයාට දෙවියන් ඒක භාර දීලා තියෙනවා කියලා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්. බලන්න බයිබලේ ඔහු ගැන කියන දේ.
“රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය. ඔහුව උතුම් උපදේශකයාණන්, බලවත් දෙවි, සදාකාල පියාණන් සහ සමාදානයේ කුමාරයා ලෙස හඳුන්වනු ඇත.”—යෙසායා 9:6.
දෙවියන් ස්වර්ගයේ පිහිටුවලා තියෙන දේවරාජ්‍යයේ රජ තමයි යේසුස්. (මතෙව් 6:10) ඔහුට ලොකු බලයක්, ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම මේ පෘථිවිය සහ ඒකේ ජීවත් වෙන අයව රැකබලා ගන්න ඔහුගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. (ගීතාවලිය 72:12, 16) යේසුස් දේවරාජ්‍යයෙන් ළඟදීම මේ “පොළොව විනාශ කරන අයව” විනාශ කරනවා. ඒ වගේම පොළොවට වෙන හානිය නවත්වලා ඔහු ඒක යථා තත්වයට පත් කරනවා.—එළිදරව් 11:18; යෙසායා 35:1, 7.
මේ පොළොවේ සිද්ධ වෙන දේශගුණික විපර්යාසවලට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න “දේශගුණය තවත් නරක අතට හැරෙයිද?” කියන ලිපිය බලන්න.