සෝදිසියෙන් ඉන්න!
මනුස්සකම කොහේ ගිහින්ද? - බයිබලයේ කියන්නේ මොනවාද?
අද මිනිස්සු හැසිරෙන විදිහ අන්තිමයි. මනුස්සකම තියෙන අයව හොයාගන්න එක හරිම අමාරු දෙයක්. දොස්තරලා බෙහෙත් ගන්න එන අයට කැත විදිහට බණිනවා. කෑම කන තැන්වලට යන අය වේටර්ලට කතා කරන්නේ හරිම පහත් විදිහට. බස්වල යන අයගෙත් කිසිම හැදියාවක් නැහැ. එයාලා කොන්දොස්තරලා එක්කත් රණ්ඩුවට පැටලෙනවා. ඉස්කෝලේ යන ළමයි කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ගුරුවරුන්ව විහිළුවට ගන්නවා. එයාලට තර්ජනය කරනවා. ගහන්නත් යනවා. සමහර දේශපාලනඥයන් කරන ජරා වැඩ නිසා මිනිස්සුන්ගේ විශ්වාසය නැත්තටම නැති වෙලා. තවත් දේශපාලනඥයන් පෙන්නන්න හදන්නේ එයාලා තරම් හොඳ අය තවත් නැහැ කියලයි.
ඇත්තටම මනුස්සකම කියන්නේ මොකක්ද? ඒක අද පහත්ම අඩියට බැහැලා තියෙන්නේ ඇයි? ඒ ගැන බයිබලෙන් පැහැදිලි, විශ්වාසවන්ත තොරතුරු හොයාගන්න පුළුවන්.
මනුස්සකම කොහේ ගිහින්ද?
මනුස්සකම තියෙන අය යහපත් හැසිරීමක් තියෙන, හොඳ සදාචාර ගතිපැවතුම් තියෙන, අනිත් අයගේ හැඟීම් දැනීම් ගැන සැලකිලිමත් වෙන අය. ඒ වගේ අයව අද ලෝකේ හොයාගන්න බැරි තරම්.
ඇමරිකාවේ මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළි වුණා පහුගිය අවුරුදු 22 ඇතුළතදී ඒ රටේ මිනිස්සුන්ගේ සදාචාරය පහත්ම අඩියට බැහැලා තියෙනවා කියලා.
රටවල් 28ක ඉන්න 32,000දෙනෙක්ව හවුල් කරගෙන තවත් සමීක්ෂණයක් කළා. ඒකට සහභාගි වුණු අයගෙන් සීයට 65ක්ම කිව්වේ, මනුස්සකම මේ තරම් පහත් තැනක තියෙනවා එයාලා මීට කලින් කවදාවත් දැකලා නැහැ කියලයි.
මිනිස්සුන්ගේ මේ පහත් හැසිරීම ගැන බයිබලේ කලින්ම කියලා තිබුණා.
’අන්තිම දවස්වලදී ජීවත් වෙන්න අමාරු කාලයක් එනවා. ඒ කාලේ ජීවත් වෙන්නේ ආත්මාර්ථකාමී, කෑදර, පම්පෝරි ගහන, අහංකාර, අපහාස කරන, අම්මා තාත්තාට අකීකරු වෙන, කෙළෙහි ගුණයක් නැති, කුරිරු, දරුණු අය.’—2 තිමෝති 3:1-3, Good News පරිවර්තනය.
මේ අනාවැකිය ඉටු වෙන විදිහ ගැන තව දැනගන්න, “මේ කාලේ මිනිස්සු ගැන බයිබලේ කියලා තියෙනවාද?” කියන ලිපිය බලන්න.
හොඳ ගතිපැවතුම් ඇති කරගන්න විශ්වාසවන්ත මඟ පෙන්වීම්
අද මනුස්සකම එන්න එන්නම අඩු වේගන ගියත් මිලියන ගාණක්දෙනෙක්ට හොඳ ගති පැවතුම් ඇති කරගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙලා තියෙනවා. සදාචාරය ගැන බයිබලේ තියෙන ඒ මඟ පෙන්වීම් විශ්වාසවන්තයි, ‘සදහටම පවතිනවා.’ (ගීතාවලිය 111:8) ඒ වගේ මඟ පෙන්වීම් දෙකක් බලන්න.
බයිබලයේ මෙහෙම කියනවා. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.
තේරුම: අනිත් අය අපිට ආදරෙන්, ගෞරවයෙන් සලකනවාට අපි කැමතියි. ඒ නිසා අපිත් එයාලට සලකන්න ඕනෙ ඒ විදිහටමයි.
බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.”—එෆීස 4:25.
තේරුම: කරන, කියන හැම දේකදීම අපි අවංක වෙන්න ඕනේ.
මේ මාතෘකාව ගැන වැඩි විස්තර දැනගන්න මේවාත් බලන්න.
“හරි වැරැද්ද - පාර හරියටම හොයාගමු” කියන ‘මුරටැඹ’ සඟරාව.
“විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද” කියන ලිපිය.