සෝදිසියෙන් ඉන්න!
යුදෙව් සමූල ඝාතනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
2023 ජනවාරි 27වෙනිදා ලෝකේ පුරාම ඉන්න අය යුදෙව් සමූල ඝාතනය නිසා ජීවිත අහිමි වුණ අයව සිහි කරනවා. මීට අවුරුදු 75කට කලින් වුණ ඒ ඛේදවාචකය ගැන හිතද්දී හුඟක් අය කල්පනා කරනවා ඇයි දෙවියන් ඒ වගේ දේකට ඉඩ දුන්නේ කියලා.
ඒ ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා දැනගන්න “යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?” කියන ලිපිය බලන්න.
ඒ සමූල ඝාතනයේ ප්‍රධානම ඉලක්කය වුණේ යුදෙව්වන්. ඒ නිසා මිලියන ගාණක් යුදෙව්වන්ව සැලසුම්සහගතව අමු අමුවේ මරලා දැම්මා. යුදෙව්වන්ට අමතරව තවත් කණ්ඩායම් කීපයක්ම නාට්සි පාලනයේ උදහසට ලක් වුණා. එයාලා අතරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් හිටියා. එයාලා මේකේ ගොදුරක් වුණේ එයාලාගේ විශ්වාසයන් නිසයි.
ඒ ගැන තව දැනගන්න “නාට්සි සමූල ඝාතනයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සිද්ධ වුණේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
“ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්”
ආයෙත් ඒ වගේ සමූල ඝාතනයක් වෙයිද කියලා හුඟක් අය බයෙන් ඉන්නවා. ඒත් බයිබලේ පොරොන්දු වෙනවා ඒ වගේ කුරිරු දේවල් ආයේ කවදාවත් සිද්ධ වෙන්නේ නැති කාලයක් අනාගතයේදී එනවා කියලා.
“යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය.’”—යෙරෙමියා 29:11. a
ඒකෙන් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන් ළඟදීම දුෂ්ටකම මේ පොළොවෙන් සම්පූර්ණයෙන්ම අතුගාලා දානවා කියලා. ඒ විතරක් නෙවෙයි දුෂ්ට මිනිස්සු නිසා ඇති වුණ හැම හානියක්මත් ඔහු හරිගස්සනවා.
අනිත් අයට හානියක් කරන දුෂ්ටයන්ව ඔහු විනාශ කරනවා.—හිතෝපදේශ 2:22.
දුක් විඳින අසරණයන්ගේ වේදනාව ඔහු නැති කරනවා.—එළිදරව් 21:4.
මැරුණ අයව මේ පොළොවෙම නැවත නැඟිට්ටනවා.—යොහන් 5:28, 29.
බයිබලේ දීලා තියෙන ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම යථාර්ථයක් වෙනවා. එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක නොමිලේ බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.