Skip to content

පටුනට යන්න

තනි කරන්නේ නෑ දුකේදී මම

තනි කරන්නේ නෑ දුකේදී මම
  1. 1. ඇයි මෙසේ වුණේ?

    සිතුවේ නෑ කවදාවත්

    සැහැල්ලුවෙන් ගෙවුණ ජීවිතේ

    බිඳ වැටුණි මෙලෙසේ

    යෙහෝවා දෙව් දකියි

    අප හඬන කඳුළු

    දුකේදී ඔහුට ළං වේ නම් අප

    උසුලාගනියි අපව

    (පෙර අනුපදය)

    කවුරුන් වුවත් අප

    දෙවිට අගනෙයි බොහෝ සේ අප

    දෙව් මෙන් අප සැම

    රැකගමු අන් අයව

    (අනුපදය)

    මිතුරෙකි, මිතුරෙක් ඔබ

    බෙදාගත්තෙමු දුක හා සැප

    මිතුරේ

    කඳුළු ඔබේ පිසලමි මම

    තනි කරන්නේ නෑ

    දුකේදී මම

  2. 2. නැඟේ කඳුළැලි

    දෙනෙතට නිතැතින්ම

    මිතුරෙකුගේ විපතේදී අප

    හඬමුය ඔවුන් හා

    (පෙර අනුපදය)

    පීඩා ජය ගන්න

    සවියක් වේ දෙව් යෙහෝවා අපට

    දෙව්ඳුන් මෙන් වී අප

    වෙමු සැබෑ මිතුරෙකු

    (අනුපදය)

    මිතුරෙකි, මිතුරෙක් ඔබ

    බෙදාගත්තෙමු දුක හා සැප

    මිතුරේ

    කඳුළු ඔබේ පිසලමි මම

    තනි කරන්නේ නෑ

    දුකේදී මම

    (අනුපදය)

    මිතුරෙකි, මිතුරෙක් ඔබ

    බෙදාගත්තෙමු දුක හා සැප

    මිතුරේ

    කඳුළු ඔබේ පිසලමි මම

    තනි කරන්නේ නෑ

    දුකේදී මම