Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

නිර්මාතෘ ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න ඔයාගේ දරුවට උදව් කරන්න

නිර්මාතෘ ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න ඔයාගේ දරුවට උදව් කරන්න

යෙහෝවා දෙවිගේ නිර්මාණවලින් ඔහු මොන තරම් බලවත් කෙනෙක්ද කියලා පැහැදිලියි. (ගීතා 19:1-4; 139:14) ඒත් මේ දුෂ්ට සමාජය ජීවයේ ආරම්භය ගැන වැරදි මත උගන්වලා දෙවිට අගෞරව කරනවා. (රෝම 1:18-25) ඒ වැරදි මතවලින් ඔයාගේ දරුවන්ව ආරක්ෂා කරගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවද? යෙහෝවා දෙවි සැබෑ දෙවි කෙනෙක් කියලත් එයාලා ගැන සැලකිලිමත් කියලත් දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම තේරුම් කරලා දෙන්න. (2කොරි 10:4, 5; එෆී 6:16) ඉස්කෝලේදී උගන්වන දේවල් ගැන දරුවන්ගේ හිතේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න. දෙවිගේ සංවිධානයෙන් දීලා තියෙන දේවල් පාවිච්චි කරලා එයාලගේ හිතට කතා කරන්න.—හිතෝ 20:5; යාකො 1:19.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ—දෙවි කෙනෙක්ව විශ්වාස කිරීම’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:

  • දෙවි කෙනෙක්ව විශ්වාස කරන එක ගැන හුඟක් අයට තියෙන වැරදි මතය මොකක්ද?

  • ඒ ගැන ඔයාගේ ඉස්කෝලේ උගන්වන්නේ මොනවද?

  • යෙහෝවා දෙවි සැබෑ කෙනෙක් කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

  • හැම දේම නිර්මාණය කළේ දෙවි කියලා තේරුම්ගන්න කෙනෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?