Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දමන්න”

“දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දමන්න”

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න බාධා වෙන ඕනෙම දෙයක් පොරොන්දු දේශයෙන් අයින් කරලා දාන්න කියලා යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට අණ කළා (ගණන් 33:52; w10 8/1 23)

දේශය යටත් කරගන්න එයාලා දරන උත්සාහයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා කියලා පොරොන්දු වුණා (ගණන් 33:53)

සතුරන්ව සම්පූර්ණයෙන්ම පන්නා දැම්මේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා (ගණන් 33:55, 56; w08 2/15 27 5-6¶; it-1-E 404 2¶)

යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් ඔහුගේ සදාචාර ප්‍රමිති කැඩෙන, ඔහුත් එක්ක තියෙන බැඳීම දුර්වල කරන ඕනෙම දෙයකින් අපි සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. (යාකො 1:21) වැරදි පෙලඹීම්වලට විරුද්ධව ඉන්නත් ලෝකයෙන් එන නරක බලපෑම්වලට අහු නොවී ඉන්නත් අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් අපිට දෙනවා.