Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ලස්සන ලොවක් ගැන ශුභාරංචියක්!

ලස්සන ලොවක් ගැන ශුභාරංචියක්!

නොවැම්බර් මාසේදී පාරාදීසය ගැන ශුභාරංචිය පුළුවන් තරම් දෙනෙක්ට කියන්න අපි විශේෂ වෑයමක් ගන්නවා. (ගීතා 37:10, 11; එළි 21:3-5) මේ වැඩේට උපරිමෙන් හවුල් වෙන්න ඔයාගේ කාලසටහනෙත් වෙනසක් කරගන්න. ඔයා ඒ මාසේ සහායක පුරෝගාමි සේවය කරන්න ආසාවෙන් ඉන්නවා නම් පැය 30ක් හරි 50ක් හරි වාර්තා කරන්න ඔයාට පුළුවන්.

කලින්ම ලෑස්ති වෙලා පුළුවන් තරම් දෙනෙක්ට පාරාදීසය ගැන තියෙන බයිබල් පදයක් පෙන්නන්න. බයිබල් පදයක් තෝරගද්දී ඔයාගේ පැත්තේ ඉන්න අය වැඩියෙන්ම උනන්දු මොනවාටද කියලා හිතන්න. මුල් වතාවේදීම කෙනෙක් උනන්දුවක් පෙන්නුවොත් එයාට 2021 අංක 2 ‘මුරටැඹ’ සඟරාව දෙන්න. ඊටපස්සේ පුළුවන් තරම් ඉක්මනින් එයාත් එක්ක ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවෙන් පාඩමක් පටන්ගන්න. ඇත්තටම “යහපත් කාලයක් ගැන ශුභාරංචියක්” කියන්න ලැබෙන එක මොන තරම් වටිනා අවස්ථාවක්ද!—යෙසා 52:7.

‘සිටිමි ඔබ හා පාරාදීසේ’ කියන අපේ සින්දු වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඒ පුංචි දුව හිතින් මවාගත්තේ මොකක් ගැනද?

  • ඔයා වැඩියෙන්ම ආස පාරාදීසෙදී මොන දේ වෙනවා දකින්නද?

  • නොවැම්බර් මාසේ විශේෂ ව්‍යාපෘතියට උපරිමෙන් හවුල් වෙන්න, අපේ බලාපොරොත්තුව ගැන හිතන එක උදව් වෙන්නේ කොහොමද?—ලූක් 6:45