යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙවිගේ බලය නිසා සාර්ථක වුණ පැවරුමක්!
ඉතිහාසය දිහා බලද්දී දෙවියන්ගේ සේවකයන් හිතාගන්න බැරි තරම් අමාරු පැවරුම් සාර්ථකව ඉටු කරලා තියෙනවා. ඒ එයාලගේ හැකියාවෙන් නෙවෙයි, යෙහෝවා දෙවියන්ගේ බලයෙන්. 1954දී අපේ සහෝදරයන් ‘ඉදිරියටම යන දෙවියන්ගේ සංවිධානය’ * කියන චිත්‍රපටිය නිෂ්පාදනය කළා. ඒකේ නිෂ්පාදන කටයුතු වැඩි හරියක්ම කළේ බෙතෙල් සේවකයන්. එයාලට ඒ ගැන කිසිම අද්දැකීමක් තිබුණේ නැහැ. හැබැයි එදා ඒ දැවැන්ත වැඩේ සාර්ථකව කරන්න එයාලට පුළුවන් වුණා. ඒ යෙහෝවාගේ බලය නිසයි. අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? අදත් අපි යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා ඔහු මත රඳා ඉන්නවා නම් ඕනම පැවරුමක් සාර්ථකව ඉටු කරන්න අපිටත් පුළුවන්.—සෙක 4:6.
‘“ඉදිරියටම යන දෙවියන්ගේ සංවිධානය” චිත්‍රපටිය නිෂ්පාදනය’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ලෝක මූලස්ථානය ගැන චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න තීරණය කළේ ඇයි?
-
බෙතෙල් එකේ ඉන්න සහෝදරයෝ වැඩ කරන්නේ එක ශරීරයක් වගේ කියලා මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?—1කොරි 12:14-20
-
චිත්‍රපටිය හදද්දී මුහුණ දෙන්න වුණේ මොන වගේ අභියෝගවලටද? එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?
-
දෙවිගේ බලය ගැන මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
^ 3 ඡේ. මේ චිත්‍රපටිය jw.org වෙබ් අඩවියේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි.