Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා ඔයාට කොච්චර නම් ආදරෙයිද!

යෙහෝවා ඔයාට කොච්චර නම් ආදරෙයිද!

යෙහෝවාට ඔයා වටිනා වස්තුවක්. (යෙසා 43:4) ඔහු ළඟට එන්න යෙහෝවා ඔයාගේ හිතේ ආසාවක් ඇති කළා. ඔයා ඔහුට කැප වෙලා බව්තීස්ම වුණ නිසා දැන් ඔයා අයිති යෙහෝවාට. ඒ නිසා ජීවිතේ අමාරුම කාලවලදීත් ඔයා ගැන ඔහුට තියෙන ආදරේ එක බිඳක්වත් අඩු වෙන්නේ නැහැ. (ගීතා 25:10) ඒ ආදරේ පෙන්නන්න ඔහු අද පාවිච්චි කරන්නේ ඔහුගේ සංවිධානය.

ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අයට යෙහෝවා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් උදව් කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. යෙහෝවා පෙන්නන ඉමහත් ආදරේ ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි කරගන්න ඒක අපිට උදව් වෙයි.

‘2019 සම්බන්ධීකාරකයන්ගේ කමිටු වාර්තාව’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ආපදාවලට හොඳින් මුහුණ දෙන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුව ශාඛා කාර්යාලවලට මඟ පෙන්නලා තියෙන්නේ කොහොමද?

  • ඉන්දුනීසියාවටයි නයිජීරියාවටයි මඟ පෙන්වීම් සහ සහන සේවා ලබා දුන්නේ කොහොමද?

  • කොරෝනා වසංගතේට හොඳින් මුහුණ දෙන්න සංවිධානයෙන් කරපු දේවල්වලින් ඔයාගේ හිතට වැඩියෙන්ම කාවැදුණේ මොකක්ද?