දේවවචනය නිධානයක්
වෙනස් නොවෙන ආදරයක් පෙන්නමු
[‘රූත් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
නායොමි රූත්ටයි ඕපාටයි කිව්වා ආයෙත් මෝවබ් දේශයට යන්න කියලා (රූත් 1:8-13; w16.02 14 5¶)
යෙහෝවා දෙවියන්වයි නායොමිවයි අත්හරින්න රූත් කැමති වුණේ නැහැ (රූත් 1:16, 17; w16.02 14 6¶)
නොසැලෙන ආදරයක් පෙන්නන කෙනෙක්ගේ ආදරේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. මොන දේ වුණත් එයා ආදරේ කරන අයව අත්හරින්නේ නැතුව ඒ අය ළඟින්ම ඉන්නවා. යෙහෝවා අපිට පෙන්නන්නෙත් ඒ වගේ පුදුමාකාර ආදරයක්. (ගීතා 63:3) අපිත් අනිත් අයට ඒ වගේ වෙනස් නොවෙන ආදරයක් පෙන්නන්න ඕනේ.—හිතෝ 21:21.