Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න

රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න

රැස්වීම් අපේ නමස්කාරයේ වැදගත් අංගයක්. (ගීතා 22:22) යෙහෝවා දෙවියන්ගේ සෙනඟත් එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරද්දී ඒකෙන් ලොකු සතුටක් වගේම හුඟක් ආශීර්වාදත් ලැබෙනවා. (ගීතා 65:4) සාමාන්‍යයෙන් රැස්වීම් එන බයිබල් ශිෂ්‍යයෙක් ඉක්මනින් සත්‍යයේ දියුණු වෙනවා.

රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? රැස්වීම් එන්න කියලා දිගටම ආරාධනා කරන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක එයාට පෙන්නන්න. රැස්වීම්වලින් ලැබෙන ප්‍රයෝජන ගැන කියන්න. (lff 10 පාඩම) රැස්වීමකින් ඉගෙනගත්ත දෙයක් ගැන නැත්නම් ඉස්සරහාට රැස්වීමකින් ඉගෙනගන්න යන දෙයක් ගැන එයාට කියන්න. රැස්වීම්වලදී පාවිච්චි කරන ප්‍රකාශන එයාට දෙන්න. නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ “රැස්වීම්” කියන ටැබ් එක පෙන්නන්න. සමහරවිට රැස්වීම් ශාලාවට එන්න එයාට උදව් ඕනෙ වෙයි. ඒ දේවල් කරන්න ඔයා වෙන මහන්සිය කවදාවත් අපතේ යන්නේ නැහැ. ඔයාගේ ශිෂ්‍යයා මුල්ම වතාවට රැස්වීමකට ආවාම ඔයාට කොච්චර ලොකු සතුටක් දැනෙයිද!—1කොරි 14:24, 25.

බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ලිලීට රැස්වීම්වලට ආරාධනා කරන්න නීටා අවස්ථාවක් කරගත්තේ මොකක්ද?

  • ශිෂ්‍යයෙක් රැස්වීම් ආවාම අපිට ලොකු සතුටක් දැනෙන්නේ ඇයි?

  • “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා”

    ලිලී ගිය පළවෙනි රැස්වීමේදී එයා අද්දැක්කේ මොනවාද?