යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සාමුවෙල්ගෙන් ඉගෙනගන්න
සාමුවෙල් ජීවිත කාලේ පුරාම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒලීගේ පුත්තු දෙන්නා වුණ හොප්නීයි පිනෙහාසුයි වගේ එයා දෙවියන් පිළිකුල් කරපු දේවල් කළේ නැහැ. (1සාමු 2:22-26) සාමුවෙල් ටිකෙන් ටික උස් මහත් වෙද්දී යෙහෝවා දෙවියන් දිගටම එයාත් එක්ක හිටියා. (1සාමු 3:19) සාමුවෙල්ගේ පුතාලා හරි දේ කළේ නැති වුණත් එයා දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා.—1සාමු 8:1-5.
සාමුවෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දරුවෙනි, ඔයාලා මුහුණ දෙන අභියෝග වගේම ඔයාලට හැඟෙන විදිහ යෙහෝවා දෙවියන් දන්නවා. බය නැතුව හරි දේ කරන්න ඔහු ඔයාලට උදව් කරනවා. (යෙසා 41:10, 13) දෙමාපියෙනි, ඔයාලගේ දරුවෙක් යෙහෝවාගෙන් හුඟක් ඈත් වෙලාද? එහෙනම් සාමුවෙල්ගේ ආදර්ශය ඔයාලට උදව් වෙයි. යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කියලා එයා දරුවන්ට බල කළේ නැහැ. කාරණේ සම්පූර්ණයෙන්ම යෙහෝවාට භාර දීලා දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න එයා හැම දේම කළා. ඉතින් ඔයාලත් එහෙම කරද්දී ඔයාලගේ ආදර්ශය දැකලා දරුවා ආයෙත් යෙහෝවාට ළං වෙන්න ඉඩ තියෙනවා.
‘ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
පුංචි සාමුවෙල් බය නැතුව වැඩ කළේ කොහොමද?
-
පොඩ්ඩා බය නැතුව වැඩ කළේ කොහොමද?
-
වයසට ගියාට පස්සෙත් සාමුවෙල් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?
-
පොඩ්ඩාගේ අම්මායි තාත්තායි තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?