යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෞවනයෙනි, හිතේ තියෙන දේවල් දෙමාපියන්ට කියන්න
ඔයාගේ හිතේ තියෙන දේවල් ගැන අම්මායි තාත්තායි එක්ක කතා කරන්න ඕනෙ ඇයි? (හිතෝ 23:26) මොකද ඔයාව බලාගන්න වගකීම යෙහෝවා දීලා තියෙන්නේ එයාලට. (ගීතා 127:3, 4) ඔයා හිතේ තියෙන දේවල් හංගගෙන හිටියොත් ඔයාට උදව් කරන්න එයාලට අමාරුයි. ඒ වගේම ඔයා එහෙම කළොත් එයාලගේ ජීවිත අද්දැකීම්වලින් ඉගෙනගන්නත් ඔයාට බැරි වෙනවා. ඒ කියන්නේ අකුරක් නෑර හැම දේම අම්මාටයි තාත්තාටයි කියන්න ඕනෙ කියන එකද? නැහැ. හැබැයි එයාලා දැනගන්න ඕන දේවල් හංගන්න එපා.—හිතෝ 3:32.
අම්මායි තාත්තායි එක්ක කතා කරන්න පුළුවන් කොහොමද? ඒ දෙන්නා නිදහසේ ඉන්න වෙලාවක් ඒකට තෝරගන්න. ඒක කරන්න අමාරු නම් ඔයාගේ හිතේ තියෙන දේවල් කොළේක ලියලා ඒක එයාලට දෙන්න. ඔයා කතා කරන්න කැමති නැති දෙයක් ගැන එයාලා කතා කළොත් මොකද කරන්නේ? එයාලට ඕනෙ ඔයාට උදව් කරන්න කියලා මතක තියාගන්න. එයාලා ඔයාගේ හතුරෝ නෙවෙයි මිතුරෝ. හිතේ තියෙන දේවල් හංගන්නේ නැතුව අම්මායි තාත්තායි එක්ක කතා කරන එකෙන් හොඳක් වෙන්නේ ඔයාටමයි. දැන් විතරක් නෙවෙයි ඒකෙන් සදහටම ඔයාට ප්‍රයෝජන ලැබෙයි.—හිතෝ 4:10-12.
‘මගේ යෞවන කාලේ - අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
පස්සේ කාලෙක එස්තර් සහ පාර්තික් තේරුම්ගත්තේ මොනවාද?
-
යේසුස්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
-
අම්මායි තාත්තායි ඔයා වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද?
-
අම්මායි තාත්තායි එක්ක කතා කරන්න ඔයාට උදව් වෙන්නේ මොන බයිබල් ප්‍රතිපත්තිද?